Wimal’s wife-සෂි යළිත් රිමාන්ඩ්

sdshi

 

විමල් වීරවංශ හිටපු ඇමැතිවරයාගේ බිරිය ශෂී වීරවංශ ලබන හතර වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

ඇයට ව්‍යාජ ජාතික හැඳුනම්පත් දෙකක් හා ගමන් බලපත්‍ර දෙකක් ලබා ගැනීමට ආධාර උපකාර කළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සියලු දෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ, ඇයට ඇප ඉල්ලා ඉදිරිපත් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේම කරුණුවලට සවන් දීමෙන් අනතුරුව ය.

වීරවංශ මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා කරුණු දක්වමින් පැවසුවේ, ඇය කිසිදු සිදුවීමකට සම්බන්ධ නොමැති බව ය.

ඇය ඊයේ (24දා) අද (25දා) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඇය මාලඹේ පෞද්ගලික රෝහලක සිට බන්ධනාගාර රෝහලට ඊයේ (24දා) මාරු කර යවනු ලැබීය.

හිටපු ඇමැති විමල් වීරවංශ හා ඔහුගේ දරු දෙදෙනා ද පැමිණ සිටියහ.

තවත් විශාල පිරිසක් අධිකරණ ශාලාව අසල රැස්වී සිටියහ.

 

[vsw id=”/mU2bXx0avqI” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

 

wimal’s wife remanded

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.