World Cup:නවසීලන්තය අවසන් සටනට

 

 

 

 

 

Cricket World Cup

 

 

 

 

වසර 2015 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නවසීලන්තය අද (24) දිනයේ සමත්විය.

ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව ඊඩ්න් පාක් හිදී පැවැත්වූ අර්ධ අවසාන තරගය කඩුළු 4කින් ජයගනිමිනි.

මේ, නවසීලන්තය ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව වේ.

මේ අනුව, නවසීලන්තය, ඉරිදා දින මෙල්බර්න් හි පැවැත්වෙන අවසාන මහා තරගයේදී ඉන්දියාව හෝ ඕස්ට්‍රේලියාව ට එරෙහිව තරගවැදීමට

නියමිතය.

වර්ෂාවෙන් බාධා ඇති වූ මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දී පන්දුවාර 43කදී කඩුලු 5ක් දැවී ලකුණු 281ක් රැස් කිරීමට සමත් විය.

කෙසේ වෙතත්, කඩුලු 6ක් දැවී එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී හයේ පහරක් සමගින් ලකුණු 299ක් දක්වා නවසීලන්තය ගෙන යාමට ග්‍රාන්ට් එලියට් සමත් විය.

මෙම තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නිරතවෙමින් ලකුණු 84ක් ලබාගත් ග්‍රාන්ට් එලියට් තරගයේ වීරයා ලෙස නම් කෙරුණි.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.