world Cup:ශ්‍රීලංකාව ගැන අළුත් උනන්දුවක්

Sanga-and-Thiriශ්‍රී ලංකාව එංගලන්ත පිළ පරදවා ලබා ගත් දැවැන්ත ජයග්‍රහනයත් සමගින් යළිත් බලාපොරොත්තු සහගත කණ්ඩායමක් ලෙසින් ඉස්මතු වී සිටී. එංගලන්තයට එරෙරහි තිරිමාන්න සහ සංගක්කාර දැක්වූ පිති හරඹයෙන් අනතරුව ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව ප්‍රබල අභියෝගයක් විය හැකි බවට මත පළවෙමින් පවතී.
 නවසීලන්තයට පරාජය වීමෙන් අනතුරුව ක්‍රීඩා විචාරකයින් ශ්‍රී ලංකාව කෙරේ වැඩි උනන්දුවක් නොදැක්වූ අතර ඇෆ්ගනිස්ථානය සමග පැවති තරඟයේදී යාන්තමින් ජයග්‍රහණය කිරීමත් සමග විචාරක උනන්දුව තවත් අඩු විය.
දැන් ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව පරාජය කළහොත් දකුණු අප්‍රිකාවට එරෙහිව  ක්රෙදා කිරීමට අවශ්‍ය නොවනු ඇත.එවිට ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වනු ඇත්තේ බටහිර ඉන්දීයකොදෙව් දුපත්,අයර්ලන්තය,හෝ පකිස්ථානයයි.

ශ්‍රී ලංකා පිළට වික්ටෝරියා පාර්ලිමේන්තුවේ හරසර

මෙල්බර්න් නුවරට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමේ විශේෂ උත්සවයක් ඊයේ සවස වික්ටෝරියා පාර්ලිමේන්තු මන්දිරයේ සම්මේලන ශාලාවේදී පැවැත්විණි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලයේ සංවිධායකත්වයෙන් හා වික්ටෝරියා පාර්ලිමේන්තුවේ අනුග්‍රහයෙන් පැවැති එම විශේෂ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේ වික්ටෝරියා ප්‍රාන්ත සංචාරක අමාත්‍ය ජෝන් අ’රන් මහතාය.

 

Displaying IMG_7473.jpg

 

 

 

උළෙලට සහභාගි වූ අමාත්‍යවරයා ශ්‍රී ලංකා කණ්ඩායම අමතමින් ලෝක කුසලානය සමඟින් හා සුසන්ත කටුගම්පල මහතා තම දෙසුම කරද්දි ගත් ඡායාරූප මෙහි දැක්වෙ.

 

 

Displaying IMG_7437.jpg

 

 

 

මෙහිදි විශේෂ දෙසුමක් කළ ප්‍රකට විගමනික නීති උපදේශක සුසන්ත කටුගම්පල මහතා පවසා සිටියේ ඕස්ට්රේලියාවේ ජීවත්වන සියළුම ශ්රී ලාංකිකයන් දෙරට අතර සුහදතාව වැඩි දියුණු කළ යුතු බවයි. මෙම අවස්ථාවට ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිනියක් වන වෛද්‍ය තනුජා කටුගම්පල මහත්මියද සහභාගි විය.
Sri Lanka energized to win world cup

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.