Worldsend-මධු සමයේ දිගම හෝරාව

SUDESH (1)

 

මාර්ටිනස්  සහ ලින්ඩා මධු සමය සඳහා ශ්‍රි ලංකාව තෝරා ගද්දී සුදුවන් වැලි තලාව මත වැතිරී ඉර අවරට යන හැටි බලා හිදීන්නට පෙරුම් පිරුහ.

ඒ පැතුම ඉටුවුනු තැන ලෝකාන්තයේ තුරු ලිය මඳ නළ හා වෙළෙන හැටි  දැක බලා ගන්න  ඔවුන් කඳුකරයට පිටත් වුහ.

ලෝකාන්තයේ කෙලවරට ගිය ලින්ඩාට ඒ මොහොත සේයා රුවක සටහන් කරගන්නට  උවමනා විය.

 

වඩාත් විචිත්‍ර දසුනක් වෙනුවෙන්  ඔහු ලෝකාන්තයේ කෙළවරට ඇදී ගියේ පහල ඇති ප්‍රපාතය ගැන තැකීමකින් තොරවය.

ලෝකාන්ත ප්‍රපාතයේ සුණුවිසුණු වී යන්නට තරම් ඔහු අවාසනාවන්තයෙක් නොවීය.

මාර්ටින්ස්ට ගහක අත්තක් අල්ලා ගැනීමට හැකි විය.

මාර්ටින්ස් තමන් මුහුණ දුන් එම භායනක අත්දැකීම මෙලෙස විස්තර කළේ ය.

මෙය මගේ මධුසමයේ විශේෂ මොහොතක්. මම ලොකාන්තයෙන් වැටෙනකොට ‍ලොකු බයක් ඇතිවුණා. මම ලොකු වේදානවකින් හිටියේ.මෙම
පැය තුනාහාමාර මේ ජිවිතයේ ගෙවූ දිගම පැය තුනාහාමාර. එ වෙලාවේ මට මතක්වුණ එක කෙනා මගේ බිරිඳ ලින්ඩා.

ගුවන් හමුදාව සහ යුධ හමුදාව ස්ථානයට ළඟා  වුහ. තුන්වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් සුදේශ් ලාලින්ද තම දිවි දෙවෙනි කොට ප්‍රපාතයට බැස්සේය.

විවාහ වී තාමත් දින හයක් පමණක් ගෙවී ඇති මේ යුවළ යළිත් නෙදර්ලන්තය බලා යනු ඇත්තේ මනුස්සකමේ උණුසුමත් තුරුළු කරගෙනය.

මාටින්ස් සිය දිවි ගලවා දුන් කෝප්‍රල් සුදේශ් ලාලින්ද හොයාගෙන කඳවුරට පැමිණ ඔහුට  ස්තුතිය පළ කළේ ය.

මාටින්ස් සහ ඔහුගේ බිරිඳ එහිදී පැවසුවේ, සිය ජීවිතය බේරා දුන් හමුදා සෙබලා කිසිදිනක අමතක නොකරන බව ය. මේ දෙපළ යම් දිනයක ශ්‍රී ලංකාව පිළිබඳව තමන්ගේ දරවන්ට කියා දෙන විට මනුස්සකමේ උණුසුම ගැනත් ඔවුන්ට කියා දෙනු ඇත.

[vsw id=”/kQ1AIHV88-g” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

Saving a life at the worlds-end.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.