අතින් ගෙළ සිඳීම කම් නැත – බි‍්‍රගේඩියර් පි‍්‍රයංක යලි සේවයේ

offcierබි‍්‍රතාන්‍යයේ ලන්ඩන් අගනුවර ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටදි උද්ඝෝෂයේ නිරත පිරිසකට අතින් ‘‘ ගෙළ සිද දමන ’’ ආකාරය නිරූපණය කිරීමේ සිද්ධිය මුල්කරගෙන රාජකාරි කටයුතු වලින් ඉවත්කර සිටි ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වන බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු සේවය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් යළි පිහිටුවා ඇති බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.

මේ සේවයේ ස්ථාපිත කිරීම මානව හිමිකම් ක්‍රියාධරයින් ගේ විවේචනයට බදුන් වී ඇත. එහිදී අදාළ බ්‍රිගේඩියර්වරයා, ‘යමෙකුගේ ගෙල සිඳින ආකාරයේ සංඥාවක් කිරීම’ එම උද්ඝෝෂණයේ යෙදී සිටි දෙමළ පුද්ගලයන් ‘බියගැන්වීමක්’ ලෙස හඳුන්වාදුන් බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂ මන්ත්‍රීවරියන් දෙදෙනෙක්, එම නිලධාරියාගේ රාජ්‍ය තාන්ත්‍රික බලපත් ඉවත් කොට ඔහු නෙරපා හරින ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කොට ඇත.

මේ අනුව බ්‍රිගේඩියර්වරයා පිටුවහල් කළහොත්ක එය ශ්‍රී ලංකික පරිපාලනයට ගැසූ කනේ පහරක් වෙනු ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ශි‍්‍ර ලංකා මහකොමසාරිස්වරිය ආරම්භ කර ඇති පරීක්ෂණය එසේම සිදුකර කරන ලෙසත් පරීක්ෂණය සිදුකළ බි‍්‍රගේඩියර්වරයාග් සේවය ද යළි පිහිටුවන ලෙසටත් ජනාධිපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවද හමුදා ප‍්‍රකාශකයවරයා සඳහන් කළේය.

ඉකුත් (4) වැනි දින සිදු වු මෙම සිද්ධියෙන් පසු බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා මහකොමසාරිස් කාර්යාලයේ රාජකාරි කටයුතු වලින් ඉවත් කර තිබුණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.