අපුරු වැඩකරුවෙකි පොලිස් ලලිත්

lalithදැනට අත්අඩංගුවේ පසුවෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ පිළිබඳව හෙළිදරව් වන තොරතුරු පොලිස් කොමිසමේ දැඩි අවධානයට ලක් විය යුතුය. පසුගියදා මහනුවර දළදා පෙරහැරේ සංවිධාන කටයුතු පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට පැමිණි ලලිත් ජයසිංහ හැම විටම වටපිට බලමින් ජංගම දුරකථනය ඔස්සේ එන පණිවිඩ පිලිබදව දැඩි අවධානයකින් සිටි බව මාධ්‍ය වේදිනි සමන්ති වීරසේකර කියා සිටින්නීය. පසුවදා ලලිත් ජයසිංහ අත්අඩංගුවට ගැනින. මේ සිදුවීමෙන් පෙනීයන්නේ ලලිත් ජයසිංහට ඇතුලෙන් තොරතුරු ගලා එන බවය

මේ අතර වාරේ විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු සාක්ෂි නැති බව කියමින්, ප්‍රකාශ සටහන් කරගැනීමක් පමණක් සිදුකර මුදාහැර ඇති බවත් එසේ සිදුකර ඇත්තේ උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ උපදෙසින් යැයි යාපනය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන් හා පැවසූ බවත් යාපනය කොට්ඨාස බාරව කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් වීරසේකර මහතා අධිකරණයේ සාක්කි දෙමින් ප්‍රකාශ කර තිබේ.

ගැටළුව එතනින් හමාර නොවේ. 2015 ජනාධිපතිව්රනයෙදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවෙක් මුදා ගැනීමට තැත් කළ බවට චෝදනා නැගී තිබුන බව පොලිස් මුලස්තාන ආරංච් මාර්ග පවසතත් ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ පවසන්නේ ඒ පිළිබදව සටහනක් නැති බවයි.

සබරගමුවේ දිසා භාර පොලිස් ප්‍රධානියාව සිටියදී කාර්යාලයේ මැණික් වෙන්දේසි පැවැත්වීම, නැගෙනහිර සිටියදී ඇල්ල ප්‍රදේශයේ ඉදිකෙරන හෝටලයකට වැලි ඇදීම,දකුණේ සිටියදී පාතාලයේ අයවළුන් සමඟ සම්බන්ධකම් පැවැත්වීම සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයට ලැබුණු පැමිණිලි වලට කුමක් සිදුවුනේද යැයි හොයා බැලීමට පොලිස් කොමිසම පියවර ගන්නේ නම් අපුරු තොරතුරු රැසක් හෙළිදරව් කරගත හැකි වෙනු ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.