අර්ජුන මහෙන්ද්‍රන් වෙනුවෙන් ජී එල් පීරිස් ගේ නීති තර්ක

G. L. Peirisශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව ව්‍යවස්ථා කටයුතු සහ අධිකරණ හිටපු අමාත්‍යවරයෙකු වන ජී.එල් පීරිස් මහතා කියයි.ශ්‍රී ලංකා පොදුජන පොරමුණෙ සභාපතිවරයෙකු වන ජී.එල් පීරිස් මහතා මේ බව කියා සිටියේ පුංචිබොරැල්ල වජිරාශ්‍රමයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව නඩු පවරන්න බැහැ. ඒ බව ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාත් දන්නවා. අර්ජුන් මහේන්ද්‍රන් මේ රටේ පුද්ගලයෙක් නොවන නිසා ඔහුට විරුද්ධව නඩු පැවරීමේ හැකියාවක් නැහැ. ඔහු දැනටමත් ලංකාවේ නැහැ. ඔහු පිටුවහල් කරන ලෙසට සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කළ යුතුයි.

වෙනත් රටක පුරවැසියෙක් තම රටකදී වරදක් කළ විට රාජ්‍ය තාන්ත්‍රික එකඟතාව මත පියවර ගත හැකි බව නීතිය පිළිබඳව මහාචාර්යවරයෙක් වන නේ එල් පීරිස් නොදැන සිටින්නට විධියක් නැත.

ඔහුගේ කථාවේ තවත් තැනක දී ඒක සංකීර්ණ ක්‍රියාවලියක් බව පවසයි. වරදක් සිදුවී විට කළ යුත්තේ එය නිවැරදි කර ගැනීමයි.  එහෙත් නීති මහාචාර්යතුමා කරන්නේ වරද නිවැරදි කර ගැනීමේ ක්‍රියාවලියට තිරිංගයක් දැමීමයි.

2008 සිට 2014 වසර දක්වා කාලය තුළදී සිදුවූ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම මීළඟට සිදුවෙන බව මහාචාර්ය පීරිස් ඇතුළු පිරිස හොඳින් දනිති.

එකල්හි තම සගයින්ට උරුම විය හැකි ඉරණම ගැන අන් සියල්ලන්ට වඩා දන්නේ ඔවුන්මය.ඒ ප්‍රතිපලය ලැබෙන විට මහ මැතිවරණ කාලය උදා වෙනු ඇත. ඒ නිසා කල්තියාම බැඳුම්කර ගැන හෙවිල්ල්ලෙන් වැඩක් නැතැයි කීම වාසිදායක වන්නේ කාටද?

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.