කථානායකට එරෙහිව විශ්වාස භංගයක්‌

karu-jayasuriyaපසුගිය බදාදා සභා ගැබෙහි ඇතිවූ කලහකාරී තත්ත්වය මන්ත්‍රීවරුන් අතර ගුටි බැට හුවමාරුවීම දක්වා වර්ධනය වූයේ කථානායකවරයාගේ වරදින් බවත් ඊට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වගකිව යුතු බව ත් පවසන ඒකාබද්ධ විපක්‌ෂය කථානායක කරු ජයසූරිය මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒමට සැලසුම් කර ඇත.

ඒකාබද්ධ විපක්‌ෂය විසින් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒමට මේ වන විටත් තීරණය කර ඇතැයි කී එහි මන්ත්‍රීවරයෙක් ඒ සමගම කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ඉදිරිපත් කරන බවද කීවේය.

පක්‌ෂ නායක රැස්‌වීමේදී එකඟවන ඇතැම් කාරණා කථානායකවරයා මුලසුනට පැමිණි පසු වෙනස්‌ කරන බවද කී හෙතෙම අපක්‍ෂපාති විය යුතු කථානායකවරයා එක්‌සත් ජාතික පක්‌ෂයට වාසි වන ලෙස පක්‌ෂග්‍රාහීව කටයුතු කරමින් සිටින බවද කීය. මේ නිසා කථානායක කරු ජයසූරිය මහතා කෙරෙහි ඇති විශ්වාසය වී ඇතැයි කී හෙතෙම පාර්ලිමේන්තුව දිනෙන් දින හෑල්ලුවට ලක්‌ කිරීමට හෙතෙම දායක වී ඇතැයිද කීය.

ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන සියලු පක්‌ෂවල මන්ත්‍රීවරුන් මෙන්ම ජනතා විමුක්‌ති පෙරමුණ ද ආණ්‌ඩු පක්‌ෂයේ සිටින ශ්‍රී ලනිප මැති ඇමැතිවරුන්ටද කථානායක කරු ජයසූරිය මහතා කෙරෙහි ඇති විශ්වාසය පළුදු වී ඇතැයි ද ඉහත මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.