කප්පම් චෝදනා ලැබුවන් වෙනුවෙන් හඬක්‌ – රණවිරු දඩයම?

dkpතරුණයන් පිරිසක් අතුරුදහන් කර වීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක වෙනුවෙන්බන මස 02 වෙනිදා දක්වා යළි රිමාන්ඩ් භාරයට පත් කිරීමට කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.මේ අතරවාරේ ඔහු ඇතුළු අනෙකුත් චුදිතයින් වෙනුවෙන් මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයක්ව ඇතිකොට ඒ මගින් බලපෑමක් ඇති කළ යුතු බව මාධ්‍යවේදීන් පිරිසක් තෙරණය කොට ඇත.

පසුගිය පාලන සමයේ දී තරුණයන් එකොළොස් දෙනෙකු පැහැර ගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන පසුව අතුරුදහන් කර වීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණවලට අදාළව පසුගිය 12 වෙනිදා ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. අනෙක් අතට පොලීසියද තමන්ගේ ක්‍රියා මාර්ග සාධාරණීකරණය කරමින් සිටී. මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ පැහැර ගැනීමට ලක් වූ තරුණයන් රඳවා ගෙන සිටි කාලය අතරතුර ඔවුන්ගේ ඥාතීන්ට දුරකතන ඇමතුම් ගෙන ඇති බවය.

පැහැර ගැනීමේ ක්‍රියාව අනුමත නොකරන ලද නාවික හමුදාවේ සෙසු නිලධාරීන් විසින් ඔවුන්ට දුරකතන සපයනු ලැබ ඇතැයි හෙළි වී ඇති බවත් ඔහු එහිදී පැවසීය. පුද්ගලයින්ගේ සාක්ෂි, නාවික හමුදා නිලධාරීන්ගේ සාක්ෂි සහ විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ ඔවුන් රඳවා තබා ගත් ස්ථාන පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර ගනු ලැබ ඇති බවත් පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.