ගෙළ සිඳීම සංඥා කළ ආරක්ෂක නිලධරයාගේ සේවය අත්හිටුවයි

offcierඑක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටින ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශකවරයා (Minister Counsellor-Defence) ආක්‍රමණශීලී අයුරකින් හැසිරුනේයැයි, වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ සේවය අත්හිටුවන මෙන් එහි සිටින මහ කොමසාරිස්වරියට අද දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළුව බලධාරීන් විසින් වහා පරීක්ෂණ අරඹනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන්ව අැත.

පසුගිය නිදහස් දිනය දා(04දා) ලන්ඩන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී උද්ගෝෂණය කළ උද්ගෝෂකයන්ට සිය ඇඟිලි ඇසුරෙන් ගෙල සිඳ දැමීම සංඥා කිරීමේ සිදුවීම හේතුවෙන් ඇතිවූ මෙම සිදුවීම සම්බන්දයෙන් සමාජ සහ අන්තර්ජාල මාධ්‍යවල සංසරණය වෙමින් ඇති වීඩියෝ දර්ශන පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සිය දැඩි අවධානය යොමු කර ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් දෝෂ දර්ශනයට ලක්ව සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියා නෙරපා හරින ලෙස ඉල්ලමින් බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ මන්ත්‍රීවරියන් දෙදෙනෙකු විසින් එරට විදේශ ලේකම්වරයා වෙත ලිපියක් යවනු ලැබ තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.