තිස්ස යළිත් එක්සත් ජාතික පක්ෂයට?

thissa-1එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකට මේ දිනවල එම පක්ෂයෙන්ම නැවත ඇරැයුම් ලැබෙමින් තිබේ. බිම් මට්ටමේ සම්බන්ධකම් ගොඩ නාග ගැනීමේදී තිස්ස දක්ෂතා පෙන්න්නුම් කොට ඇති අතර ඉදිරි මැතිවරණ වලදී ඔහුගේ සේවාව වැදගත් විය හැකි බව පක්ෂ නායකත්වයට පෙන්වා දී ඇතත් තවමත් ඊට අවශ්‍ය අනුමැතිය රනිල් වික්‍රමසිංහ ගෙන් ලැබී නැත.

ව්‍යාජ ගිවිසුමක් අත්සන් කිරීමේ නඩුවක් මේ දිනවල තිස්ස අත්තනායකට එරෙහිව අධිකරණයේ පැවතියත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඊට සහභාගී නොවීමේ හේතුවෙන් නඩුව දිනපතා කල්යමින් පවතී. පවතින තත්වය අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තිස්සට එරෙහිව සාක්ෂි දීම සඳහා පැමිණිමට ඇති ඉඩ කඩ අඩුය.

මේ අතරවාරේ තිස්ස අත්තනායකය 24 වැනිදා හිටිගමන් වැලිකඩ සිරගෙදරට ගියේය. ඒ දින පනස් පහක් සිරගතව සිටින කාලයේ එහිදී හමුවූ පිරිස මුණගැසී සුවදුක් විචාරන්නටය. තිස්සගේ පැමිණීමෙන් ඔවුහු බොහෝ සතුටට පත්වූහ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.