පොර්ට් සිටි ලොක්කා නිදහස් -රනිල් ගෙන් කෝල්

 

ranil-wickramasingheඇමරිකා එක්සත්ජනපද ඩොලර් 75000 (රු. 11,475,000)ක් වටිනා මැණික් තොගයක් නීතිවිරෝධී අයුරින් මෙරටින් රැගෙන යමින් සිටි වරායනගර ව්‍යපෘතියේ කලමණාකරු ටෑන් කියොලියෑන් (Tang Qiaoliang) නැමැත්තාව පසුගියදා කටුනායක ගුවන්තොටුපළේ ආරක්ෂ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සෘජු නියෝගය මත ඔහුව නිදහස්කර යැවීමට ගුවන්තොටුපළ රේගුවට සිදුව ඇති බව ගුවන්තොටුපළ ආරංචිමාර්ග සදහන් කරයි.

පසුගිය 30වනදා රාත්‍රියේ UL314 ගුවන් යානයෙන් ක්වාලාලාම්පූර් දක්වා යාමට ඔහු සූදානම්ව සිටියදී ඔහු මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. අග්‍රාමාත්‍යවරයා විසින් රේගු නිලධාරීන් ඇමතුම සිදුකරන විටත් අදාල මැණික් තොගය රේගු භාරයට ගෙන ඇති අතර අදාළ නීතිමය කටයුතුද සිදුකරමින් තිබී ඇත. එහිදී අදාළ තත්වය සම්බන්ධයෙන් රේගු නිලධාරීණ් විසින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇතත් ඔහු පවසා ඇත්තේ මැණික්තොගය රාජසන්තක කර ඇත්නම් චීන ජාතිකයාව වාහම නිදහස් කර හරින ලෙසය. ඒ අනුව චීන ජාතිකයාව නිදහස්කර හැරීමට රේගුව කටයතු කර ඇත.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.