පොහොට්ටුවේ ප්‍රතික්ෂේපය කුමන්ත්‍රණයක්

pohottuwaශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කරනු ලැබු අපේක්ෂක නාම ලේඛණය ඊයේ (21) ප්‍රතික්ෂේප විය.අපේක්ෂක නාම ලේඛණ දිගින් දිගට ප්‍රතික්ෂේප වන්නේ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙසින්ද යන ප්‍රශ්නය මතුවී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාම යෝජනාවද ප්‍රතික්ෂේප විය. හිටපු ඇමතිවරයකු වු මිල්රෝයි ප්‍රනාන්දු සහ පළාත් සභා මන්ත්‍රි ට්‍රෙවින් ප්‍රනාන්දු යන මහත්වරුන් අතර පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ගැටුමක් ඇති විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණින් වෙන්නප්පුව ප්‍රදේශීය සභාවට තරග වදින හිටපු ජේෂ්‍යඨ ඇමතිවරයකු වන මිල්රෝයි ප්‍රනාන්දු මහතා නාම යෝජනා විරෝධතා වලින් පසුව රුස්විම් ශාලාවේන් එළියට බසින විට ඔහු ශ්‍රී ලංකා පක්ෂයට ජයවේවා යැයි පවසමින් පැමිණියේය.

ඒ ආසන්නයේ සිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙ වයඹ පළාත් සභා මන්ත්‍රි ට්‍රෙවින් ප්‍රනාන්දු මහතා පොහොට්ටුවට ජය වේවා යැයි කෑගැසිමත් සමඟ දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වි ගුටි බැට හුවමාරුවක් බවට පත්විමට සුදානම් වීමේදී කන්ඩායම් දෙකෙහිම පිරිස් දෙදෙනාව ඉවත් කර ගැනිමට කටයුතු කරනු ලැබීය .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.