භූත බියක් නිසා යාපනය කැළඹෙයි

ghostsභූත බලවේගයක්‌ පිළිබඳව පැතිර යන ආරංචියක්‌ නිසා යාපනය නගරාසන්න වැසියෝ සියලු දෙනාම මේ දිනවල බියට පත්වී සිටිති.මීට හේතු වී ඇත්තේ ඉතාම කෙටි කලක්‌ ඇතුළතදී යාපනයේ ඥාතී පවුල් කිහිපයකට අයත් පුද්ගලයන් 09 දෙනකු හදිසියේම මිය යැමයි. ඔවුන් යාපනයේ කුඩා පරිමාණයේ වෙළෙඳ කටයුතුවල නිරතව සිටියහ.

මියගිය පුද්ගලයන් 9 දෙනා අතර කාන්තාවන් 4 දෙනකු හා කුඩා ළමයින් දෙදෙනකු ද සිටින අතර ඔවුන් මිය යැමට හේතුව පැහැදිලි වශයෙන් ප්‍රකාශ කිරීමට යාපනය ශික්‌ෂණ රෝහලේ වෛද්‍යවරුන් ද අසමත් වූ බැවින් ඔවුන් මියගියේ භූත බලවේගයක්‌ නිසා බව යාපනයේ වැසියන් මෙන්ම යාපනයේ මාධ්‍ය ද වාර්තා කොට තිබීමෙන් යාපනයේ වැසියන්ගේ බිය දෙගුණ තෙගුණ වී තිබේ. බොහෝ දෙනකු තමන්ට රාත්‍රි කාලයේදී විවිධ අන්දමේ අද්භූත සිද්ධීන්ට මුහුණදීමට සිදු වූ බවත් එම සිද්ධීන් එකිනෙක විස්‌තර කිරීමත් නිසා යාපනයේ වැසියන්ට මෙම භූත බලවේගය කෙරෙහි විශ්වාසය දැඩි වී ඇත.

යාපනයේ වැසියන් සඳහන් කරන්නේ පසුගිය දිනවල යාපනයේ ක්‍රියාත්මක වූ “ආවා ගෲප්” කල්ලියේ බිහිසුණු තත්ත්වයට වඩා බියකින් යාපනයේ වැසියෝ මේ අද්භූත බලවේගය හමුවේ මානසිකව පීඩා විඳීමත් බියට පත්වීමත් දක්‌නට ලැබෙන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.