මතට වැඩ – ශ්‍රිලනිප අප්ක්ෂකයා ට මාංචු

lockupහැන්දෑවට කුණු වෙනකම් බොන අපේක්ෂකයින්ට ඡන්දය ලබානොදෙන ලෙස පැවසුවේ මෛත්‍රිපාල සිරිසේන මහතාය. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රාදේශීය සභාවට පුහුලහේන කොට්ඨාශයෙන් තරඟ වදින අපේක්ෂක රණසිංහ රණවලගේ මහේෂ් මධුෂංක නමැති අපේක්ෂකයා අද සවස මාතර කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය විසින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ලඟ තබාගැනීම හා අලෙවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්දයෙන් වැඩිදුර නීති කටයුතු සඳහා අත්අඩංගුවටපත් මහේෂ් මධුෂංක කනංකේ පොලීසියට බාරදී ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී කසිප්පු ලීටර් 20 මිලිලීටර් 250ක් හා සීනි කරිඤ්ඤං ලීටර් 50ක් පොලිස් බාරයට ගෙන ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.