මහින්දගේ රුවට දෙපැත්තෙන්ම ඉල්ලුමක්

mahinda-rajapaksaපොහොට්ටුව සහ අත මහින්ද මාකට් කරනු ඇත. බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ප්‍රචාරක වාසිය ලබා ගැනීම සඳහා මහින්ද ගේ ඡායාරූපය යොදා ගැනීමේ උපක්‍රමයක් හෙළිදරව් හොට ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තවම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සාමාජිකයකු බැවින් පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ඉදිරිපත් වන සියලුම අපේක්‍ෂකයන්ට ඒ මහතාගේ ඡායාරූපද ඇතුළත් කරගෙන ඡන්ද ප්‍රචාරක වැඩ කටයුතු සිදුකරන ලෙස  ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රුව පක්‍ෂ නායකයා ලෙස එම පක්‍ෂයේ සියලුම අපේක්‍ෂකයන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම සාමාන්‍ය දෙයක්‌ බවත් එම ඡායාරූපයද සමග හිටපු ජනාධිපතිවරයාගේ රුවද භාවිත කිරීමට පක්‍ෂ සාමාජිකයන්ට හැකි බවත් ඒ මහතා කියා සිටියේය. හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ (20 දා) ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

මේ පුවත ඇසු මාධ්‍යවේදියෙක් ‘බංකොලොත් වුනාට කමක් නැහැ ඒක පෙන්නුම් කරන එකයි නරක’යනුවෙන් පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.