රොෂාන් රණසිංහ අපි එක්ක – ඩලස්

dalasරොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වන බවට මාධ්‍ය තුළ පළ වු පුවත මුළුමනින්ම සාවද්‍ය ප්‍රකාශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඊයේ  (20) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

රොෂාන් රණසිංහ මහතා ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් 51 දෙනා අතුරින් ජවසම්පන්නම පුද්ගලයා මෙන්ම දුෂ්කර අභියෝග හමුවේ තම දේශපාලනය නිසි ලෙස සිදුකරන අයෙක් බව ද ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය වෙනුවෙන් අඛණ්ඩව කොන්දේසි විරහිතව පෙනී සිටි මන්ත්‍රීවරයෙක් වන ඔහු විසින් පෙරේදා (19) දිනයේ දී නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ කිසිදු ස්ථානයක ඍජුව හෝ වක්‍රව ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වෙන බව හෝ ආණ්ඩුව සමඟ එක්වන බවක් සඳහන් කර නොමැති අතර එය ඔහුට ඇති වු යම් කණගාටුවක් මත පළ කරන ලද්දක් වන බව ද අලහප්පෙරුම මහතා වැඩි දුරටත් පැවසීය.
ගැටළුව වන්නේ ඩලස් ගේ දේශපාලන කියවීමයි.

කෙසේ වෙතත් මාධ්‍ය තුළින් එය සාවද්‍ය ලෙස ප්‍රචාරය කළ බවත් ඒ තුළින් රොෂාන් රණසිංහ මහතාගේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයට ද අගෞරවයක් සිදු වු බව පැවසු මන්ත්‍රීවරයා පළ කරන ලද පුවත නිවැරදි කරන ලෙස ද මාධ්‍යයෙන් ඉල්ලීමක් කළේය. ඉදිරි පැය 24 තුළ රොෂාන් රණසිංහ මහතා ලංකාවට පැමිණෙන බවත් එහිදී සත්‍ය කරණු අනාවරණය කර ගත හැකි බව ද ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. රොෂාන් රණසිංහ මහතා තව දුරටත් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශ නිකුත් කිරීමේ වුවමනාවක් නැත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.