ශ්‍රී ලංකාවේ සංචාරක බලධාරීන් සුවෙන් සැතපෙති

shipsසංචාරක නැව් ගෙන්වා ගැනීමට තිබු අනගි අවස්ථාවක් ශ්‍රී ලංකාවට අහිමි වී ගොස් ඇති බව ශ්‍රී ලංකා නාවික අධ්‍යයන ආයතනය පවසයි. ශ්‍රී ලංකා නාවික අධ්‍යයන ආයතනයේ ප්‍රධාන විධායක රොහාන් මාස්කෝරාල පැවසුවේ ශ්‍රී ලංකාවේ සමුද්‍ර සංචාරක සැසි දෙකක් පැවති අතර මෙහිදී සංචාරක නැව් සමාගම් දෙකක් මීට සහභාගී විය. එහෙත් මේ කිසිදු අවස්ථාවකින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරිකයින්ට ප්‍රයෝජනයක් ලබා ගත නොහැකි වී ඇත.

යුරෝපා සංචාරක නියෝජිතයින් අවස්ථා කීපයකදී ශ්‍රී ලංකාවට පැමිණ කථා බස් කළත් ඉන් එහාට කිසිවක් සිදුවී නැත. Royal Caribbean International and Crystal Cruises යන සමාගම් වලින් වාර්තා සම්පාදනය කොට ඇතත් එම නිර්දේශ ක්‍රියාත්මක කොට නැත. මෙවර නාවික සංචාරක සම්මන්ත්‍රණය ඉන්දියාවේ පැවැත්වීමට තීරණය කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරක බලධාරීන් ගේ උකටලී බවට ප්‍රතිචාර ලෙසිනි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.