ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයෙන් පූර්ව වීසා නැතිව රටවල් 38කට යාමට අවස්ථාව

passport2018 පාස්පෝට් ඉන්ඩෙක්ස් වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයෙන් පූර්ව වීසා අනුමැතියකින් තොරව රටවල් 38ක් වෙත ඇතුළු වීමට අවස්ථාව හිමිවී තිබේ.

මෙම කරුණු අනාවරණය වන්නේ එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193ක් හා ස්වාධීන බල ප්‍රදේශ 6ක් ලෙස ගැනෙන තායිවානය, මකාඕ, හොංකොං,කොසෝවෝ,පලස්තීනය හා වතිකානුව කරගනිමින් සකස් කෙරෙන පාස්පෝට් ඉන්ඩෙක්ස් 2018 නවතම වාර්තාවෙනි. මෙහිදී එක් එක් රටවල ගමන් බලපත්‍රවල බලවත්බව මැන බැලෙන අතර,පූර්ව වීසා අනුමැතියකින් තොරව යා හැකි රටවල් ගණන ඒ අනුව තීරණය ඒ අනුවය.

මෙම වාර්තාවට අනුව මෙවරත් පළමු තැනට පැමිණීමට ජර්මනිය සමත්ව ඇති අතර, ජර්මානු ගුවන් ගමන් බලපත්‍රයක් හිමි අයෙකුට පූර්ව වීසා ලබාගැනීමකින් තොරව රටවල් 161ක් වෙත ඇතුළු වීමට අවසර හිමිවේ.

ශ්‍රී ලංකාවට මෙහිදී 88 වැනි ස්ථානය හිමිව ඇති වන අතර, ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයකින් රටවල් 38ක් වෙත එසේ පූර්ව වීසා අනුමැතියකින් තොරව ඇතුළු විය හැකිය.

එම රටවල් නම්, බහමාස්, බාබඩෝස්, බොලීවියා, කාම්බෝජය, කේප් වෙර්ඩේ, කොමොරෝස්, අයිවරි කෝස්ට්, ජිබවුටි, ඩොමිනිකා, ඉක්වදෝර්, ගැම්බියා,ග්‍රනඩා, ගිනියා-බිසාවු, හයිටි, ඉන්දියා, ඉන්දුනීසියා, කෙන්යා, ලෙසතෝ, මැඩගස්කර්, මාලදිවයින, මුරුටානියා, මුරුසිය, මයික්‍රොනි සියා, මොසැම්බික්, නේපාලය, පලාවු, රුවන්ඩා, සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස්, සමෝආ,සෙනගල්,සීෂෙල්ස්, සිංගප්පූරුව, සෙන්ට් වින්සන්ට් ඇන්ඩ් ග්‍රෙනඩීන්ස්, ටිමෝර්-ලෙස්ටේ, ටෝගෝ, ටුවාලු, උගන්ඩා සහ වනවාටු යන රාජ්‍යයන්ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.