ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයට චාන්ස් නැහැ

wdj-senawirathnaතනි ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීමට තිබූ අවස්ථාව ඒකාබද්ධ විපක්ෂයේ පසුපෙළ කිහිපදෙනෙකුගේ විරෝධය නිසා අසාර්ථක වූ බව සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ් ඩී ජේ සෙනෙවිරත්න මහතා පවසයි.

දැන් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්ව නව න්‍යාය පත‍්‍රයක් සකස් කරන බව කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ් ඩී ජේ සෙනෙවිරත්න මහතා කියා සිටියේය.

තමන් තීරක බලවේගය වන බවයි ඒකාබද්ධ විපක්‌ෂයේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

“පාර්ලිමේන්තුවේ විපක්‌ෂයේ බලතලවත් නැතුව ඉන්න ඒකාබද්ධ විපක්‌ෂ කණ්‌ඩායමට රටේ ජනතාවගේ කැමැත්ත පැහැදිලිව ප්‍රකාශ වෙනවා. එතකොට එක්‌සත් ජාතික පක්‌ෂයට වගේම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයටත් සිද්ධ වෙනවා අපේ පස්‌සෙන් එන්න.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.