චිත්‍රපට වෙනුවට සංස්කෘතිය අධ්‍යක්ෂණය කිරීම – ධර්මසිරි බණ්ඩාරනායක

dharmasiriකලාකරුවෙකු දේශපාලන ක්‍රියාධරයෙකු වශයෙන් මෙරට ජනතාව තුළ ප්‍රකට වී සිටින ධර්මසිරි බණ්ඩාරනායක මහතා සමඟ ලංකා නිවුස් වෙබ් අඩවිය සිදු කළ සාකච්ඡාව පහත පළ වේ. මෙහිදී කලාව සම්බන්ධයෙන් කතා කරනු වෙනුවට බණ්ඩාරනායක මහතාට ජනාධිපතිතුමා අතින් හිමි වූ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර හා ඒ පිළිබඳව උද්ගත වී තිබෙන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන ලදී.

මොකක්ද ඔබට ලැබුණ අළුත් තනතුර?
අධ්‍යක්ෂ ජෙනරාල් සංස්කෘතික කටයුතු

කව්ද ඔබව යෝජනා කළේ?
ජනාධිපතිතුමා.

කෙටියෙන් කිව්වොත් මොකක්ද මේ තනතුරේ කාර්ය භාරය?

මේ තනතුරෙහි තියෙන කටයුතු මේකයි කියලා සකස් කරලා ලිපියක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මට භාර දෙන්න ඕන. දැනට ඒ කටයුතු ජනාධිපති ලේකම්තුමා විසින් කරගෙන යනවා.

ඔබට පෙරාතුව ඒ කියන්නෙ මේ තනතුර තිබුණෙ නැද්ද?

නැහැ! ජනාධිපති උපදේශකවරු වශයෙන් ඉඳලා තියෙනවා. නමුත් මෙහෙම අධ්‍යක්ෂක ජනරාල් කෙනෙක් ඉඳලා නෑ.

ඒ කියන්නෙ මේ තනතුර නිර්මාණය වෙන්නෙ ඔබව සතුටු කරන්නද?

මගේ සතුටක් නෙමෙයි. සංස්කෘතික කටයුතු පිළිබඳව අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක් ඉන්නවා කියන්නෙ කලාකරුවන්ට යම් අමාත්‍යවරයෙක් ඉන්නවා හා සමානව තමාට කිව යුතු යම් දේවල් තියෙනවා නම් යෝජනා කළ යුතු දේවල් තියෙනවා නම් කලාකරුවන්ට ඒවා ඉදිරිපත් කරන්න පුද්ගලයෙක් ඉන්නවා ජනාධිපතිතුමාගෙ කාර්යාලය තුළ

ඒ කියන්නෙ මා හරහා ජනාධිපතිතුමාට යෝජනා කළ යුතු දේවල් තියෙනවා නම් ඒවා කරුණු හැටියට ඉදිරිපත් කරලා ඒවා පිළිබඳව නිගමන වලට ඒම මොනවද කියන එක තාම මාව දැනුවත් කරලා නෑ.

ඒ කියන්නෙ ඔබ ඉන්නෙ ජනාධිපතිතුමාගෙම කාර්යාලයෙ?

ජනාධිපති කාර්යාලයේ කොටසක. ජනාධිපති කාර්යාලයේ තියෙනවා විවිධ ආයතන එතකොට මේකත් පිහිටවලා තියෙන්නෙ චැතැම් ස්ට්‍රීට් එකේ තියෙන ඔෆිස් එකක.dharmasiri-1

ඔබට මේ වත්මන් ආණ්ඩුව ගැන තිබෙන්නෙ කොයි වගේ විවේචනයක්ද?

වර්තමාන ආණ්ඩුව පිළිබඳව තියෙන විවේචනය මම ආණ්ඩුවේ තනතුරක් දරණ්නෙක් හැටියට මේ සාකච්ඡාව තුළ සිදු කළ යුතු නෑ.

ඇයි ඔබ ඒ ප්‍රශ්නය මඟ අරින්නෙ?

නැහැ අපි පුරවැසි බලය වශයෙන් ඊයේ පෙරේදා අගමැතිතුමා මුණ ගැහුණා එතනදි අපේ හිටියට ජ්‍යෙෂ්ඨයො යම් විවේචනයක් සිද්ද කළා. ඒ වගකීම ඔවුන් ඉටු කළා.

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන , පරාක්‍රම නිරිඇල්ල, සුදත් මහදිවුල්වැව සකස් කරපු ප්‍රඥප්තිය ගැන ඔබේ අදහස කුමක්ද?

ඇත්තටම ඒ කලාකරුවන් තුන් දෙනා පමණක් නෙමෙයි තවත් කලා කරුවො රාශියක් සාකච්ඡා වාර කීපයක් පැවැත්වීමෙන් අනතුරුව තමයි මේ ප්‍රඥප්තිය සකස් කළේ. ඒ ප්‍රඥප්තිය ඇත්ත වශයෙන්ම රජයට බල කරලා ඒ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම කළ යුතු වෙනවා. මම ඒ ප්‍රඥප්තියේ සියළු කරුණු වලට එකඟ කලාකරුවෙක්.

තනතුර භාර ගත්තට පස්සෙ ඔබ ජනාධිපතිතුමාව කී වාරයක් මුණ ගැහුණද?

තාම මම එකපාරක්වත් මුණ ගැහිලා නෑ.

එතකොට ජනාධිපතිතුමා යන හැම පිටරට සංචාරයකටම ඔබ සහභාගී වෙන්නෙ ඇයි?

මම ඇමරිකාවට පමණයි එතුමා සමඟ පිටරක සංචාරයකට ගිහින් තිබෙන්නෙ.

ඔබට ඒ සංචාරය සඳහා ආරාධනා කළේ ලිඛිතව ද වාචිකවද?

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍යය ලේකම් ධර්ම ශ්‍රී ඒකනායක තමයි මේ සම්බන්ධයෙන් කටයුතු කළේ.

මේ ආණ්ඩුවෙන් විතරක් නෙමෙයි කිසියම් හෝ ආණ්ඩුවකින් ආරාධනාවක් ආවොත් මන්ත්‍රී ධූරයක් භාර ගන්න කියලා ඔබ මොකද කරන්නෙ?

මම කවදාවත් ඡන්දයකට ඉදිරිපත් වෙන කෙනෙක් නෙමෙයි.

ජාතික ලැයිස්තුවනේ ඔබව පාර්ලිමේන්තු යවන්න හැඳුවොත් ඔබ යනවද?

ඒකත් මට උචිත දෙයක් නෙමෙයි. පාර්ලිමේන්තුවට යෑමේ රෝගයකින් මම පෙළෙන් නෑ.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.