වැලිකතර හෙළි නොවූ අභිරහස

gamini&joeවැලිකතර ප්‍රධාන චරිත දෙක රඟ පෑ ගාමිණී ෆොන්සේකා සහ, ජෝ අබේවික්‍රම ඒ වන විට විරසක වී සිටියහ. අවසානයේදී පොලිස් අධිකාරී ගාමිණී ෆොන්සේකා ගොරින්ග් මුදලාලි වන ජෝ අබේවික්‍රමට වෙඩි තබන දර්ශනයකි. අධ්‍යක්ෂක ඩී.බී. නිහාල් සිංහයන්ගේ තියුණු නුවණට යමක් මතක් විය.

පිස්තෝලය පරීක්ෂා කෙරිණ. ඒ තුළ ජීව උණ්ඩ විය. ඒ පරීක්ෂාව නොවන්නට සිංහල සිනමා වංශ කථාව වෙනස් වන්නට ඉඩ තිබින පිස්තෝලයට ජීව උණ්ඩ එක්වූ අන්දම අදටත් අභිරහසකි.

 

ඩිජිටල් සත්කාරයේ මහිමයෙන්
ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ඩී.බී. නිහාල් සිංහයන්ගේ විශිෂ්ඨතම සිනමා නිර්මාණයක් වූ 70 දශකයේ ඉමහත් ජනාදරයට පත් ‘වැලිකතර’ ප්‍රථම පුළුල් තිර වෘතාන්ත චිත්‍රපටය ඩිජිටල් සත්කාරයේ මහිමයෙන් ප්‍රතිස්ථාපිතව මෙම මස 30 දා සිට යළි තිරගත කෙරේ.

කොළඹ රීගල්, ලීඩෝ ඇතුළු සී.ඊ.එල් ප්‍රදර්ශක මණ්ඩලයේ සිනමාහල් 24 කදී සීමිත ප්‍රදර්ශනය සඳහා තිරගත කෙරෙන ‘වැලිකතර’ චිත්‍රපටයේ කතාව, දෙබස් සහ තිර රචනය ආචාර්ය තිස්ස අබේසේකරයන් ගෙනි. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, සුවිනීතා අබේසේකර, දේවිකා කරුණාරත්න, පියසේන අහංගම, ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර, චන්ද්‍රා කලුආරච්චි, එල්සන් දිවිතුරුගම, බුද්ධි වික්‍රම, මාක් ඇන්ටනී ප්‍රනාන්දු ඇතුළු නළු නිළියන් රැසක් රඟපාන ‘වැලි කතර’ සෝමදාස ඇල්විටිගලගේ සංගීත අධ්‍යක්ෂණයෙන්ද, විශාරද අමරදේවයන්ගේ පසුබිම් ගායනයෙන්ද විචිත්‍රවත් වෙයි.

‘වැලි කතර’ කැමරාව, සංස්කරණය, සම නිෂ්පාදනය සහ ඩී.බී නිහාල්සිංහයන් ගෙනි. ෆෝ ඉන් වන් සංසදයේ සංවිධානයෙන් ‘වැලි කතර’ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙන්නේ ද වීඩියෝ ටීම් ආයතනයයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.