සාම්ප්‍රදායික සමාජයට සමන්තභද්‍ර හිමි අභියෝගය හිට් වෙයි

samantha badraගණිකාවක් පැමිණ තමන්ට බණකට ආරාධනා කළොත් තමන් ඊට වඩින බව කියන සමන්තභද්‍ර හාමුදුරුවෝ කියා සිටිති. ඉරාජ් වීරරත්න උන්වහන්සේ ගේ දායකත්වය ඇතුව නිෂ්පාදනය කල් වීඩියෝව මේ වන විට ලක්ෂ දෙකකට අධික පිරිසක් විසින් නරඹා ඇති අතර එය හිට් එකක් බවට පත වී ඇත

පුවත් හමුවකට එක් වෙමින්

සමන්තභද්‍ර හාමුදුරුවෝ කා‍ලෙන් කාලෙට විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් ඇතිකරන හාමුදුරු නමක්. ඇයි මේ?
ලංකාව හරිම සාම්ප්‍රදායික සමාජයක්. මේ සාම්ප්‍රදායික සමාජයේ දාර්ශනිකයෝ නෑ. විද්වතුන් නෑ. උගතුන් නෑ. පොඩි කොටුවකට හිරවෙලා ජීවත්වෙන භික්ෂූන්යැයි කියාගන්න පිරිසක් ජීවත්වෙනවා. අද කොළඹ ඉන්න ගණිකාවක් ඇවිත් මට ආරාධනා කරලා මම දානයට වැඩියොත් මේ සමාජය කැමැති වෙයිද මම ඒකට යනවට. ඒත් බුදුන් වහන්සේ අම්බපාලිගේ නිවසට වැඩියා. ආන්දෝලනාත්මකයි, විප්ලවාදියි, පිරිසිදුයි. රකින්න කියලා අමුතු දෙයක් නෑ… උන්වහන්සේ පිරිසිදුයි.

පසුගිය කාලේ ඔබවහන්සේට දාව දරුවෙක් ඉන්නවා කියලා කාන්තාවක් නීතිය ඉදිරියටත් ගියා. දැන් කෝ ඒ දරුවා. මොකද වුණේ ඇත්තටම?
ඔව්… කාලයක් කිව්වනේ මට දරුවෙක් ඉන්නවා කියලා. එතකොට කෝ ඒ දරුවා. නීති මාර්ගයෙන් ගියාම නීති මාර්ගයෙනුත් ඔප්පු වුණා මේ කතාව බොරුවක් කියලා. පස්සේ ඒ ගෑනු කෙනා මල් පූජා කරලා සමාව ගත්තා. එච්චරයි.

සිරිසදහම් ආශ්‍රමය පන්සලකට එහා ගියපු මන්දිරයක්. මෙහෙම සුඛෝපභෝගී මන්දිරයක් ඇත්ත හාමුදුරුනමකට ගැළපෙනවද?
ඇත්තටම බුද්ධ කාලේ තිබුණේ ප්‍රාසාද. මෙහෙත් ප්‍රාසාද තැනක් ගොඩනගලා තියෙනවා. බුද්ධ කාලයේදී විශාකාව විහාර ධාතු ප්‍රාසාදය හැදුවා.

ඒත් හාමුදුරුවනේ සිදුහත් කුමරු රම්‍ය, සුරම්‍ය, සුභ කියන මාලිගා අතහැරලා ගිහින් විමුක්ති මාර්ගය හොයගන්න වෙහෙසුණා. ඔබවහන්සේ ඒ හොයාගත්තු දහමේ ඉඳගෙන මාලිගා නිර්මාණය කරනවා?
ඔව්. ඒක ඇත්ත. සිදුහත් කුමරු රම්‍ය සුරම්‍ය සුභ මාලිකා තුන අතහැරලා බුදු වුණා තමයි. ඒත් බුදුවෙලා බෝසතාණෝ ආයේ කොහේද හිටියේ. උන්වහන්සේ කාණුවක හිටියද?

ඔබවහන්සේ මෙහෙම මන්දිර හැදුවට මේ රටේ නොදියුණු ගරා වැටුණු පුරාණ වටිනා රජමහා විහාර කොච්චර තියෙනවද? හරියට දාන වේලක් නොලැබෙන, සයනය කරන්න පැදුරක් කොට්ටයක් නැති පන්සල් කොච්චර තියෙනවද?
මෙහෙමනේ… මේ රටේ පන්සල් හදන්න ඕනතරම් මිනිස්සු ඉන්නවා. ඒත් මත හදන්න මිනිස්සු නැහැනේ. ඒ මත අපි හදන නිසානේ ආන්දෝලනාත්මක වෙන්නේ. මේක පන්සලක් නෙවේ. මෙතන හදලා තියෙන්නේ මතයක්.

සමන්තභද්‍ර හාමුදුරැවන්ගේ ආශ්‍රමයේ බොහෝ තරුණ භික්ෂූන් වහන්සේලා වැඩ සිටිනවා. මේ තරුණ භික්ෂූන් වහන්සේලා සම්බන්ධවත් සමලිංගිකත්වය ගැන මාතෘකාව යටතේ හුඟක් චෝදනා එල්ල වුණා?
මෙහේ මහණ වෙන්නේ තරුණ කට්ටියයි. යමක්කමක් තියෙන කට්ටිය. ඉගෙන ගත්තු කට්ටිය. විශ්ව විද්‍යාල ගියපු අය. වෛද්‍යවරු පවා අපෙගාව මහණ වෙලා ඉන්නවා. ඒකයි වෙන්න ඕනේ. එහෙම නැතිව කන්න බොන්න නැති අය මහණ කළා කියලා සාසනය සත්‍යයක් වෙන්නේ නෑ. ඒ අය ඉගෙන ගෙන ආයෙත් ගෙවල් දොරවල් හොයාගෙන යනවා. මේ දේවල් තේරුම් ගන්න බැරි මිනිස්සු මේ තරුණ භික්ෂූන් වහන්සේලාට අපහාස කරනවා.

මේ ආශ්‍රමයේම තරුණ මෙහෙණින් වහන්සේලා වැඩ සිටිනවා නේද?
ඔව්… කාන්තාවට බුදුසසුනේ සම තැන තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඕන කෙනෙකුට මහණ වෙන්න පුළුවන්.

මේ මෙහෙණින් වහන්සේලා සිවුරු වර්ණයේ යම් වෙනසක් තියෙනවා නේද?
ඒකට හේතුව තමයි මෙහේ ඉන්න ස්වාමීන් වහන්සේලා කහ වර්ණයේ සිවුරු අඳිනවා. පිටරට යද්දී ස්වාමීන් වහන්සේලාත් අත්දිගට ඇඳ සිවුරු අඳිනවා. එතකොට භික්ෂූන් වහන්සේලා සිවුරැ පාටිනුත් මෙහෙණින් වහන්සේලා රතුපාටට හුරුවට අත් අදිගට සිවුරු අදිනවා. නැත්නම් මේ දෙගොල්ලන් මාරුවෙනවා.

වස්සානේ හීනේ ගීතය බොදු බැති ගීතයක් නෙවේ. ඇයි ඔබවහන්සේ ඒකෙ රඟපෑවෙ?
මේක මුල්ම විෂුවල් එක නෙවේ. මේ මම හිටපු දෙවැනි විෂුවල් එක. 2008 ඉරාජ් හදපු තව ගීතයකට මම හිටියා. මේ අලුත් සින්දුව. හොඳ මාතෘකාවක්.

රඟපාන එක භික්ෂුවක් කරන වරදක් කියලා ඔබවහන්සේ පිළිගන්නේ නැද්ද?
වාඩිවෙලා ඉන්නවා කියන්නේ ඒක රඟපෑමක් නෙවේ.

ඔබවහන්සේගේ පිළිරුවක් බුදුන්වහන්සේගේ පිළිරුව අසලම නිර්මාණය වෙලා. ඇයි මේ?
ඕන කෙනෙක්ට පිළිරුවක් හදන්න පුළුවන්. ලෝකේ භික්ෂුවක් ජීවතුන් අතර ඉදිද්දී හදපු පළමු පිළිරුව මේක නෙවේ. ගෞතම බුදුන් වහන්සේ ජීවමානව ඉදිද්දී රත්හඳුන් ලීයෙන් අජාසත්ත රජු පිළිරුවක් හැදුවා.

මේ හැමදේටම ඔබවහන්සේට පිටරටවලින් ලොකු ලොකු ආධාර ලැබෙනවා නේද? මොකක්ද ඔබවහන්සේ මේ ථෙරවාදී බුදුදහම විකෘති කරන්න කරනවා කියන කොන්ත්‍රාත්තුව?
එහෙම කොන්ත්‍රාත්තුවක් නෑ. මේ හැම දෙයක්ම ගොසිප්.

ඔබවහන්සේ මේ රටේ මහායාන බුදුදහම ව්‍යාප්ත කරන්න ලොකු වැඩකොටසක් සීරුමාරුවට කරනවා කියලත් සමහරු කියනවා.
ඔය බොරු කතා. මිනිස්සුන්ට මඩ ගහන්න ඕන වුණාම එක එක කතා කියනවා. මහායාන බුදුදහමේ මස්මාළු කන්නේ නෑ. සුදුළූණු කන්නේ නෑ. රතුලූණු කන්නේ නෑ. කරවල, උම්බලකඩ, මස් මාළු මුකුත්ම කන්නේ නෑ.

ඒ වුණාට ඔබවහන්සේ උපන්දින උත්සවයේදීනම් මේ හැම මසක් මාළුවක්ම ගෙනත් ජයට උත්සවය පැවැත්තුවා. කිලෝ ගාණක කේක් ගෙඩියක් හැදුවා. එහෙම කළේ අපි මහායාන නෙවෙයි කියන එක අගවන්නද?
ඔව්… ඒක ඇත්ත. මේ පන්සලට දාන ගේද්දීත් මස් මාළු ගේනවා. උපන් දිනයටත් ඒ හැම දෙයක්ම දෙනවා. එතකොට මෙතන මහායානද ථෙරවාදිද? මේ නිසා අපි මොන සම්ප්‍රදායේද කියලා වැඩි විස්තර කරන්න ඕනේ නෑ.

ඔව් මම රහත්වෙලා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!