ඉන්දීය සාරි විලාසිතා දැක්මක අපුරුව

Beautiful-Saree-Stills-15

සාරිය විලාසිතා මවන්නන් අතරේ ජනප්‍රිය වී ඇත්තේ ඔවුන් හට පුළුල් නිදහසක් ලැබෙන නිසයි .සිරුරේ හැඩතල ඉස්මතු කිරීමට සාරිය ලබා දෙන්නේ අපුරු අවස්ථාවක් .වර්ණ සහ රටා තුලින් තමන්ට රිසි ලෙස විලාසිතා මැවීමේ අවස්ථාවද ලැබෙනවා .

මෑත කාලීන විලාසිතා නිරූපන වලදී සාම්ප්‍රදායික සාරී ඇඳීමේ පිළිවෙත් ඉක්මවා නැවුම් හැඩ ගැන්වීම් එකී ඇති අතර දැන් දැන් සාරිය යළිත් ඉන්දීය තරුණියන් අතරේ ජනප්‍රිය වෙමින් තිබෙනවා.

සාරි යන වචනය නිරුක්ති ගැන්වී ඇත්තේ ඉන්දු-ආර්ය භාෂාවක් වන ප‍්‍රාකෘත භාෂාවෙහි ”සාටික” යන වචනයෙන් බව පුරාණ ජෛන හා බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. ඒ අනුව ”සාටික” ”සාටි” වී ”සාරි” වූවා යැයි අපට සිතිය හැකිය. ඉතිහාසයෙහි සාරිය පිළිබඳ මුල්ම සාක්ෂියක් හමුවන්නේ කි‍්‍රස්තු පූර්ව 2800 ත් 1800 ත් තරම් ඈතෙහි වූ ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය තුළයි. කපා නොමැසූ දිගැති වස්ත‍්‍රයක් වූ සාරිය පරිමාණයෙන් මීටර් හයක් හතක් පමණ වේ. විවිධ විලාසිතාවෙනුත් නොයෙක් ආකාරයෙනුත් ස්ත‍්‍රී ශරීරය වටා ගෙතී හැඩවුණු සම්ප‍්‍රදායික ඉන්දීය සාරිය ඒ ඒ කලාපයන්ට හිමි අනන්‍යතාවයන් බිහි කළාය.

යටි කය වසා අඳින දිග සායක් උඩුකයට තද වන සේ අඳින හැට්ටයත් මතින් ඉණෙහි සිට පහළට දෙපතුල තෙක් ශරීරයෙහි එතී, ඉදිරියෙන් රැුළි තබා පපු පෙදෙස හරහා හැට්ටය මතින් ගොස් උරහිසෙහි එල්ලා වැටෙන ලෙස සාරිය අඳිනු ලැබේ. බොහෝ විට එම්බ්‍රොයිඩර් හෝ මුද්‍රිත මෝස්තරවලින් සාරිය හැඩ ගන්වන අතර උරහිසෙහි පහළට වැටෙන සාරියේ අග කෙලවරත් අනෙක් පස පහළ කෙලවරත් විචිත‍්‍රවත් ලෙස මෝස්තරවලින් අලංකාර කරනු ලබයි.

සමස්ථ දකුණු ආසියානු කලාපයටම පොදු ඇඳුමක් වූ සාරිය ඒ ඒ කලාපවල ඒ ඒ ජන වර්ගවලට අනන්‍ය හැඩහුරුකම් මැව්වේය. දකුණු ඉන්දීය ආභාෂයෙන් අපට අනන්‍ය වූ හැඩහුරුකමක් ඇතිව සාරිය ඇඳීමට ලාංකීය ද්‍රවිඩ ස්ති‍්‍රය හුරු වූ අතර උරහිස මතින් පහළට වැටෙන සාරියෙහි අග පොට බඳ වටා එතීමෙන් යාපනේ සාරිය ලෙසින් සාරියට නව හැඩහුරුකමක් දීමට ඔවුන්ට හැකිවිය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.