උපේක්‌ෂා විවාහයේ හැල හැප්පීම් වලට රෙඩි

Upeksha Swarnamaliආණ්ඩු ක්‍රම ව්‍යවස්වතා ගැන ගැන කථා කරන්න කරන්න ගිහින් රූපවහිනිය ඉස්සරහ තමන්ගේ දැනුමේ සළුපට ගලවාගත් උපේක්‌ෂාට දේශපාලනය තහනම් අඩවියක් වුනේ මැතිවරණ පරාජයත් සමඟයි.

දික්ක්සදයත් ඇයව හොයාගෙන ආවා. එත් ඇය ජීවන යාත්‍රාවේ හබල අත් හැරියේ නැහැ. දැන් ඇය එක්දරු මවක්. ඇයට සමීප ආරංචි පවසන පරිදි දේශපාලනයේ රස දන්නා ඇය පුළුවන් නම් ආයෙත් බලය සමඟ පැටලෙන්න සුදානම්.

මේ නිසා ඇයට මීඩියා ටෝක් වැදගත්. මෙදා සැරේ ඇය කථා කරන්නේ විවාහය ගැනයි.
කියවලාම බලන්න

උපේක්‌ෂාගේ ජීවිතයට කොයි කරම් දුරට සමන්තව සැසඳුනාද ?
අපි දෙන්නම එකම ආගමේ. ඒ වගේම අපි හිටියේ අපිට ගැළපෙන වයස්‌ සීමාවන් වල. ප්‍රධානම දේ වුණේ මේ අපි දෙන්නගෙම ප්‍රථම විවාහ අත්දැකීම නෙවෙයි. මෙතෙක්‌ ජීවිතේ ලද අත්දැකීම් නිසා අපිට ආදරය විවාහය වැනි දේවල් දිහා වෙනස්‌ම විදිහට දකින්නට පුළුවන්කම තිබුණා. සැමියා හා බිරිඳ විදිහට එකිනෙකාට යටහත් පහත් වීම වෙනුවට එකිනෙකාට ගරු කරන්න හා දෙදෙනාගේ ජීවන අපේක්‌ෂාවන් තේරුම් ගන්න අපිට පුළුවන් වුණා.

සමන්තගේ ආදර හිතෙන් උපේක්‌ෂා ලද පළමු තිළිණය මතකද ?
ඔව්. එයා මට මුද්දක්‌ දුන්නා. හැබැයි ඒ කාලෙ අපි පෙම්වතුන් නෙවෙයි. අපි එකිනෙකාට ආදරය ප්‍රකාශ කළාට පස්‌සෙ ඉස්‌සරලාම එයා මට දුන්නේ ජංගම දුරකථනයක්‌.

පෙම්වතුන් ලෙස ගෙවන්නට කාලයක්‌ ඉතිරි නොකරම විවාහය කරා ගිය ආදර කතාවේ පුංචි පුංචි ආදර හීන නැති තරම්ද?
අපි තවමත් විවාහ වුණ අලුත නිසා ගෙවෙමින් පවතින්නෙ සොඳුරු කාලයක්‌. නමුත් හැබෑ ලෝකයේ දෙන්නෙක්‌ එක්‌කාසුවෙලා ජීවත්වෙනවා කියන්නෙ ආදරය වගේම ප්‍රශ්නවලටත් මුහුණ දෙන්න සූදානම් කියන එක. කවුරු කොහොම කිව්වත් සාම්ප්‍රදායික බිරිඳගේ චරිතයෙන් මිදුනොත් පවුලක පැවැත්මත් බිඳවැටෙනවා. අනිත් බිරින්දෑවරු වගේම මමත් සමන්ත අකමැති දේවල් නොකර සැමියාට ගෞරවයෙන් සලකනවා. ඒ තමයි අපේ ආදරයේ ස්‌ථාවරත්වය.

උපේක්‌ෂා අද වෙද්දි දෙන්න දෙමල්ලන් අතර ඇතිවන නොහොඳ නෝක්‌කාඩුකම් වලටත් ඉඩක්‌ නොදෙන පරිණත සිතුවිලි ඇති පෙම්බර බිරියද ?
මම විතරක්‌ නෙවෙයි සමන්තත් දැන් ඉස්‌සර වගේ හදිසි තීරණවලට නොයන වෙනස්‌ කෙනෙක්‌ කියල එයාගෙ අම්මත් කියනවා. මෙහෙමයි නවකතාවක වගේ ගැටුම් නැති ජීවිතයක්‌ අපි අතරෙ තියෙනව කිව්වොත් ඒක බොරුවක්‌. උපන්දා සිට අපි එක්‌කම රැඳී ඉන්න අම්මා තාත්තා එක්‌ක පවා මත ගැටුම් ඇතිවෙද්දි ජීවිතයේදි අතරමගදී මුණ ගැහුණ කෙනෙක්‌ එක්‌ක සියයට සියයක්‌ පෑහිලා ජීවත්වෙන කෙනෙක්‌ ඉන්න බැහැ. නමුත් මම පැවසුවෙ අපි දැන් වයසින් හා අත්දැකීම්වලින් මුහුකුරා ගිහින් නිසා ඒ දේවල් එහෙම වෙන්න පුළුවන්. එහෙම මත ගැටුමක්‌ නිසා විවාහයක්‌ අතැරදා පලා යන්න වුවමනා නැහැ කියන එක තේරුම් අරන් ජීවත් වෙනවා කියලා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.