නිරුවත් වූ චීන ආච්චිලා

 

naked chinese2

 

චීනයේ බීජිං නුවර ඇමෙරිකානු තානාපති  කාර්යාලය අසලට ගිය ආච්චිලා 4 දෙනෙක් සිය ඇඳිවත උනා දැමුවේ චීනයේ රාජ්‍ය තන්ත්‍රයේ දූෂණ වලට විරෝධය  පළකිරිමටයි. ඇඳුම් ගැලවීමත් සමගම ඇඟ පුරා ලියවුනු දූෂණ විරෝධි සටන් පාට දැක ගන්නට ලැබුනා. මේ ආච්චිලාගේ වයස 65, 66, 68,73 යි. “දුෂිත නිළධාරින් පන්නා දමව්“ කියන මේ ආච්චිලා, නිළධාරින් තමන්ට පීඩා කරන බව කියා සිටිනවා.

දුෂිත නිළධාරින් පිරිසක් එකට එකතුවි තම දියණිය බොරු නඩුවකට පැටලු බව එක් කාන්තාවක් කියා සිටියා. තවත් ආච්චි කෙනෙක් කියා සිටියේ දූෂිත නිළධාරින්ගේ  ක්‍රියා කලාපය හේතුවෙන් තමන්ගේ පුතා නොකල වරදකට මාස 18 ක් සිරගත කෙරුණ බවයි. රාජ්‍ය නිලධාරින්ගේ දූෂණ ක්‍රියා බරපතල ගැටලුවක්  බව චීන පරිපාලනයත් පිළිගෙන තිබෙනවා.

පසුව  මේ ආච්චිලා පිරිස පොලිසිය විසින් බලහත් කාරයෙන් ඉවත් කොට තිබෙනවා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.