බ්‍රිතාන්‍ය අග රැජිනගේ රාජකීය ඇඳුම් පැළඳුම් ප්‍රදර්ශනයට…

British2බ්‍රිතාන්‍ය මහ රැජිනගේ ඓතිහාසික ඇදුම් පැළඳුම් පිටුපස ඇති රහස් හෙලි කරන නව ප්‍රදර්ශනයක් ඊයේ (21)එංගලන්තයේ බකිංහැම් මාලිගාවේදී ආරම්භ විය.

බ්‍රිතාන්‍ය මහ රැජින දැන් 90 හැවිරිදිය. එහෙත් රැජිනක් ලෙස අදත් ඇය රාජකීය විලාසිතා නිමිත්තකි. ඇයගේ ජීවිතයේ විශිෂ්ට අවස්ථා ආවරණය කරන ඇඳුම් 80 ක් හා ප්‍රතිමාණ බඳු හිස්වැසුම් 62 ක් මෙහි ප්‍රදර්ශනය කර ඇත.
ලේස් ස්වීකින්ස් වටිනා පබලුවලින් අලංකෘත කරමින් මෘදු සැටින් වර්ගයකින් නිර්මිත, එවකට රැජිනගේ ප්‍රියතම ඇදුම් මසන්නා වන සර් නෝමන් හාර්ට්නල් විසින් නිර්මාණය කළ 50 දශකයේ රැජිනකගේ ඇඳුම්වල හැඩය පෙන්වන ඇදුම්, ඇය වර්ෂ 1958 දී නෙදර්ලන්ත සංචාරය වෙනුවෙන් නිර්මාණය කළ ඇදුම, ඇයගේ මැදි වයසේදී විලාසිතා තෝරාගත් ආකාරය, ඇයගේ වටිනා මංගල ඇදුම හා මෑත කාලයේදී ඇයගේ විශේෂතා ප්‍රකට කරන ඇදුම් ඇතුලු රාජකීය ඇදුම් ගණනාවක් මේ ප්‍රදර්ශනයේදී එළි දැක්වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.