රේණුකා පොලීස් සේවයට එල්ල කළ අභියෝගය තීන්දුයි

policeපොලිස් අධිකාරිනී රේණුකා ජයසුන්දර ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිරතව සිටින කාන්තා පොලිස් නිලධාරීන් දස දහස අතරින් එක් වනිතාවකි. එහෙත් ඇය කල්පනා කරන ආකාරය තරමක් වෙනස්ය.

තමන් හා සමාන හෝ ඊටත් වඩා අඩු සේවා කාලයක් සහිත නිලධාරීන් උසස්වීම් ලබද්දී තමන් හුදෙක් කාන්තාවන් වීම හේතුවෙන් කෝන් වන බව ඇයට දැනින.

‘අපි මොනව හරි කරමු’

සහකාර පොලිස් අධිකාරිනියන් තිදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

පැවරෙන රාජකාරි අපිට හැම එකක්ම පිරිමින්ට හා සමානව කරන්න හැකියාවක් තියෙන කොට, ස්ත්‍රී පුරුෂ භේදය නිසා අපි මේ වෙනස්කමට ලක් කරන්නේ ඇයි ? ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඔව්හු තර්ක කළහ.

නඩු ක්‍රමවේදය ප්‍රතිපල ගෙන දුනි.

නඩු විභාගය අතරවාරයේ ඔවුන් තිදෙනා ඇතුළු උසස්වීම් අහිමිව සිටි සහකාර පොලිස් අධිකාරිනියන් පිරිස උසස් වීම් ලැබුහ.

.

පොලිස් අධිකාරිනී රේණුකා ජයසුන්දර, පවසන පරිදි 1997 දී ඇය ඇතුළු පිරිස පොලිස් සේවයට සම්බන්ධ වන විට “ප්‍රථම වතාවට” උප පොලිස් පරීක්ෂකවරුන් හා සමානවම උප පොලිස් පරීක්ෂකවරියන් 140 ක් සම සුදුසුකම් මත සේවයට එක්වුහ.

“එදා ඉඳල කිසිම අංශයකින්, පුහුණුව, වගකීම්වල කිසිම දේක වෙනසක් තිබුනෙත් නැහැ. පුහුණු වුනෙත් එකට. අපිත් හරියට සතුටු වුනා.”

කාන්තා පොලිස් සේවය ගැන මේ කරුණු දැන සිටියාද?

“මූලික පුහුණුව ගන්න අවස්ථාවේ අපිව ධෛර්යමත් කළේ පොලීසියේ ඉස්සරහට යන්න පුළුවන් කියන අදහස ඇතිව.”

එබැවින් ඒ අවස්ථාවේ තමන්ට කිසිදු ස්ත්‍රී, පුරුෂ භේදයක් නොදැනුන බව ඇය සිහිපත් කරන්නීය.

එමතු නොව, විභාගයකට මුහුණ දී උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස්වීම් ලැබීමට ද ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව ඔවුන්ට අවස්ථාව උදා විය. ඉන් අනතුරුව එවක පැවති ආණ්ඩුවේ තීන්දුවක් ප්‍රකාර සේවයේ වසර අටක් සම්පූර්ණ කළ සියලුම උප පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් පරීක්ෂකවරුන් ලෙසින් උසස් කරන ලදි.

පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරී තනතුර දක්වා උසස් කිරීමේදීත් එවැනිම සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය කරනු ලැබූ බව පොලිස් අධිකාරිනී රේණුකා ජයසුන්දර සිහිපත් කරන්නීය.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී ප්‍රමිලා දිවාකර ශ්‍රී ලංකා පොලිස් සේවයේ ඉහලම ධුරය හෙබැවූ කාන්තාවයි

එහෙත් කාන්තාවන් දස දෙනෙකු පමණක් සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙසින් සේවය කළ යුතු බවට පැවති ප්‍රතිපත්තිය මත තරග විභාගයකින් අනතුරව එම තනතුරට උසස්වීමේ අවස්ථාව ලැබුනේ ඔවුන්ගෙන් තිදෙනෙකුට පමණි.

ඒ අවස්ථාවේ සහකාර පොලිස් අධිකාරිනී පදවියට පත් කෙරුණ කාන්තාවන් තිදෙනා අතර ඇය ද සිටියාය.

ඉන් අනතුරුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සන සහිතව, සහකාර පොලිස් අධිකාරී තනතුරට බඳවා ගැනීමේ සහ එම තනතුරෙන් උසස් කිරීමේ ක්‍රමවේදය (FoR) 2015 දී ප්‍රකාශයට පත් කෙරුණි.

ගැටළුව මතු වුනේ එතැනදීය.

“ඒකෙ පොලිස් අධිකාරී ධුරයට කාන්තාවන්ට ඇබෑර්තු දෙකක් තිබුණා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට එක ඇබෑර්තුවක් තිබුණා. නියෝජ්‍ය පොලිස්පති ධුරයට හෝ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට කාන්තාවන්ට පුරප්පාඩුවක් වෙන්කරලා තිබුණේ නැහැ,” පොලිස් අධිකාරිනී රේණුකා ජයසුන්දර කියා සිටියාය.

මේ තත්ත්වය යටතේ එවක සහකාර පොලිස් අධිකාරි ධුරය හොබවමින් සිටි කාන්තාවන්ට විසි වසරකට ආසන්න කාලයක් කිසිදු උසස්වීමකින් තොරව එකම තනතුරේ සේවය කිරීමට සිදුවීම අසාධාරණයක් බව වටහාගත් ඔවුහු ඒ සඳහා අධිකරණයේ පිහිට පැතීමට තීරණය කළහ.

“පැවරෙන රාජකාරි අපිට හැම එකක්ම පිරිමින්ට හා සමානව කරන්න හැකියාවක් තියෙන කොට, ස්ත්‍රී පුරුෂ භේදය නිසා අපි මේ වෙනස්කමට ලක්වෙලා කියන එක තේරුණ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකරන්න පෙළඹුනා.”

දැන් ඔවුන් අන් කාන්තාවන්ටත් මග හෙළි කොට ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.