හඬ නගන ෆාතිමාලට බැට

muslim girlsශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ට දෙවැනි පෙළ පුරවැසියන් ලෙසින් සලකන මුස්ලිම් පුද්ගල නීතිය අහෝසි කිරීමට රාජ්‍යය පියවර ගතයුතු බව කාන්තා සංවිධාන එකමුතුවක් පවසයි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී CEDAW හෙවත් කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ නොසලකා හැරීම් තුරන් කිරීමේ ප්‍රඥප්ති සැසිවාරය හමුවේ ඒකාබද්ධ ප්‍රකාශයක් කළ සංවිධාන අටක එකමුතුව, ලාංකීය කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා වූ දීර්ඝ යෝජනාවලියක් ඉදිරිපත් කළේය.

මේ යෝජනාවලිය මුස්ලිම් ප්‍රභූන් ගේ දෝෂ දර්ශනයට ලක්ව ඇත. ශ්‍රී ලංකාවේ මුස්ලිම් පුද්ගල නීතිය මගින් ළමා විවාහ නීතිගත කිරීම, ක්වාසි අධිකරණයේ විනිසුරුවන් පත්කිරීම, කාන්තාවන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට එල්ලවන බාධා සහ බහු විවාහ සඳහා පුරුෂයන්ට බිරිඳගේ අනුමැතියක් අවශ්‍ය නොවීම ඇතුළු කාන්තා පීඩක කරුණු ගණනාවක් CEDAW සඳහා වූ කාන්තා ක්‍රියාකාරී කමිටුව සිය ප්‍රකාශය මගින් පෙන්වා දී තිබේ.
රාජ්‍යයේ අනුග්‍රහය සහිතව සිදුවන නොසලකා හැරීම :

මුස්ලිම් පුද්ගල නීතිය සංශෝධනය කිරීම මුස්ලිම් සමාජයට අදාළ කරුණක් බව රාජ්‍යය දිගින් දිගටම පවසන නමුත් තමන් එම ස්ථාවරයට දැඩි විරෝධය පළකරන බවත් මුස්ලිම් කාන්තා සංවිධාන ද සාමාජිකත්වය දරන සංවිධාන එකමුතුව අවධාරණය කරයි.

“වසර 66 කට වැඩි කලක් මුස්ලිම් කාන්තාවන් සහ දැරියන්ට එරෙහිව රාජ්‍යයේ අනුග්‍රහය සහිතව සිදුවන සංවිධානාත්මක නොසලකා හැරීම් වහාම නැවතිය යුතුය,” යනුවෙන් ද නිවේදනයේ දැක්වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.