ඉතාලියේ භූමිකම්පාව කඳුළු ගඟක් තනයි..

italy

රික්ටර් මාපකයේ 6.2 ක් පෙන්නුම් කළ මධ්‍යම ඉතාලියේ සිදුවූ දරුණු භූමිකම්පාවකින් බරපතල විනාශයක් සිදුවී තිබේ.  ඉතාලි වේලාවෙන් පාන්දර 03:36 ට පමණ රෝමයට ඊසාන දිගින් සැතපුම් 65 ක් පමණ ඈතින් වූ ප්‍රදේශයකට මෙම භූමි කම්පාව ධරුණු ආකාරයෙන් බලපා තිබිණි. බීබීසිය වාර්තා කරන ආකාරයට මෙම භූමි කම්පාව නිසා රෝමයේ ඇතැම් ගොඩනැගිලි මිනිත්තු 20 පමණ කාලයක් සෙලවෙමින් තිබී ඇත.

භුමි කම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව හැත්තෑ තුනක් දක්වා ඉහල ගොස් ඇති අතර තවමත් 150 දෙනෙකු පමණ ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වී ඇත. මේ මරණ අතර ශ්‍රී ලාංකිකයන් පිළිබද තවම වාර්තා නොවන බව තානාපති අංශ පවසයි.

එක් ගම්මානයක් සම්පුර්ණයෙන්ම බිමට සමතලා වී ඇති අතර මිය ගිය බවට මෙතෙක් දැනුම් දී ඇති සංඛ්‍යාව තව දුරටත් ඉහල යා හැකි බවට විශ්වාස කෙරන බව ඒජන්සි වාර්තා පවසයි.

ඉන් වැඩිම විනාශය සිදු වී ඇත්තේ ඇමට්‍රීචේ නගරය සොහොනක් සේ දිස්වෙමින් තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.