ගුවාම් මිසයිල තර්ජනය පුස් වෙඩිල්ලක්ද?

guamගුවාම්-සුන්දර සංචාරක පාරාදීසයක්?

ඔව්. එහෙත් මේ දැන් නොවේ. දැන් උතුරු කොරියානු මිසයිල ප්‍රහාරයකට ගොදුරු විය හැකි දුපතකි.

ඇමෙරිකාවට අයත් ශාන්තිකර සාගරයේ පිහිටි ගුවාම් දූපතට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට යන බව උතුරු කොරියාව කියා සිටි. මේ තර්ජනය පෙර මෙන් එල්ල කළ පුස් වෙඩිල්ලක් විය හැකිය. මෙවර ප්‍රශ්නය අවුල් කර ගත්තේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය.

ලෝකය මින් පෙර නොදුටු “විනාශකාරී කොපාග්නියකට” උතුරු කොරියාව මුහුණ දෙනු ඇතැයි යනුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනාත්මක කයිවාරුවක් ගැසුවේය. මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට එරෙහිව තවදුරටත් ආර්ථික සම්බාධක අනුමත කොට ඇත. ඇමෙරිකාවේ බෝම්බ ප්‍රහාරක යානා ස්ථානගතකොට ඇති ගුවාම් වෙත මාධ්‍ය හා දිගුදුර පරාසය අතර වූ රොකට්ටු විදීම උතුරු කොරියාවේ සැලසුමයි. උතුරු කොරියාවේ කන්න බොන්න හිඟ පාඩු තිබුනත් න්‍යෂ්ටික අවි ඇති බව ජපාන රජයේ ආරක්ෂක ධවල පත්‍රිකාවක දැක්වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.