දෙවියන් බැටළු මස් කන වෙළඳ දැන්වීමක් නිසා ඔස්ට්‍රේලියාවට ඉන්දියාවේ විරෝධය

godහින්දු බැතිමතුන් වන්දනා කරන ගණ දෙවියන් බැටළු මස් බුදින ආකාරය දැක්වෙන වෙළඳ දැන්වීමක් පිළිබඳව ඉන්දීය ආණ්ඩුව ඔස්ට්‍රේලියාවට සිය විරෝධය පළ කර තිබෙනවා. විවිධ ආගම් අදහන පිරිසක් එකම මේසයක වාඩි වී භෝජනයක් රසවිඳින ආකාරය දැක්වෙන මේ දැන්වීම ඕස්ට්‍රේලියාවේ මස් කර්මාන්තය ප්‍රවර්ධනය කරන සංවිධානයක් විසින් නිපදවා තිබෙනවා.

කෙසේ නමුත් ගණ දෙවියන් මස් බුදින අයුරු පෙන්වීම නිසා එම වෙළඳ දැන්වීම ඕස්ට්‍රේලියාවේ හින්දු බැතිමතුන්ගේ විරෝධයට  ලක්වී තිබෙනවා. එබැවින් එම දැන්වීමට එරෙහිව සිය විරෝධය ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ ආයතන තුනකට දැනුම් දුන් බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසනවා.

බුදුන් වහන්සේ, ජේසුස් වහන්සේ ඇතුළු ආගමික නායකයින් කිහිපදෙනක් එකම මේසයක අසුන්ගෙන භෝජනයක් භුක්ති විඳින ආකාරය එම රූපවාහිනී වෙළඳ දැන්වීමට ඇතුළත් වනවා. මහමත් නබිතුමන්ට භෝජන සංග්‍රහය සහභාගී වීමට නොහැකි වූ බවද දැන්වීම අතරතුර සඳහන්වී තිබෙනවා.

මෙම වෙළඳ දැන්වීම අපහාසාත්මක සහ තමන්ගේ ආගමික විශ්වාසයන්ට රිදවන්නක් ලෙස බොහෝ දෙනා විශ්වාස කරන බැවින් එය ඉවත්කරන මෙන් ඕස්ට්‍රේලියාවේ අදාළ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ බවයි  මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ. එමෙන්ම ඉන්දීය ප්‍රජා සංවිධාන ගණනාවක් ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට සිය විරෝධය පළ කර ඇති බවත් වාර්තා වනවා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!