බලවතුන් හමුව, සන්ධාන සටනක්වේ ද?

trump kim meetingමාස ගණනක් පුරා රාජ්‍යතාන්ත්‍රික වාග් ප්‍රහාරවලින් පසුව ඇමරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, අවසානයේ සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතේ පිහිටි කැපෙල්ලා හෝටලයේදී එකිනෙකාට අතට අත දෙමින් පිළිගත්හ.

එය මේ වසරේ ප්‍රතිවිරුද්ධ බලවතුන් හමුවූ දෙවන අවස්ථාව ලෙස සනිටුහන් වෙයි. පළමු අවස්ථාව කිම් ජොන් උන් විසින් දකුණු කොරියාවේ ජනාධිපති මූන් ජේ ඉන් අප්‍රේල් මස 27 වෙනිදා මුණ ගැසීමයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර පැවති හමුව අවසානයේදී දෙරට අතර දිවිපාර්ශික ගිවිසුමකට අත්සන් තැබුණු අතර එය අවංක, සෘජු සහ ඵලදායි එකක් වන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි.

මෙම ගිවිසුමෙහි න්‍යෂ්ඨික අවි භාවිතය සම්බන්ධ දෙරට අතර එකගතා කරුණු ඇතුලත් කර ඇති අතර කිම් ජොන් උන් විසින් න්‍යෂ්ඨික අවි අත්හදාබලන මධ්‍යස්ථාන විනාශ කිරිමටත් ඇමරිකාව විසින් කොරියාවට ආරක්ෂාව ලබා දෙන බවට සහතික වී ඇතැයි වාර්තා වේ.

ඒ කෙසේ වෙතත් නායයන් දෙදෙනා එක්ව තවත් බලවත් වී ලොව පාලනය කරයිද එසේ නැත්නම් මෙම එකගතා කෙටි කාලයකට සීමා වෙයිද යන්න පිළිබඳව තවමත් නිශ්චිතව කිව නොහැකි බව විචාරකයින් පෙන්වා දෙයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.