බල ශක්තියෙන්, ශිෂ්ඨාචාරය නැසීමට ඉඩ දිය යුතු නෑ – පාප් වහන්සේ

දේශගුණික විපර්යාසය ලෝක ජනතාවට විශාල අභියෝගයක් බැවින් හරිත බල ශක්තිය (clean energy) භාවිතා කිරීම සඳහා ලෝකය පුරුදු විය යුතු බව පාප් වහන්සේ පැවසූහ.

‘ශිෂ්ඨාචාරයට බල ශක්තිය අවශ්‍යයි නමුත් බල ශක්තිය භාවිතා කර ශිෂ්ඨාචාරය විනාශ නොකළ යුතුයි’ යනුවෙන් පාප් වහන්සේ පවසති. දින 2 ක් පුරා වතිකානුවේ පැවති තෙල් සමාගම්වල විධායක නිලධාරීන්ගේ සමුළුව අවසානයේ පැවති දේශනයේදී උන් වහන්සේ මෙසේ පැවසූහ.

‘නවීන සමාජය තුල මහා තොරතුරු ප්‍රවාහයට, පුද්ගලයන්ට සහ ඔවුන්ගේ කටයුතු සඳහා විශාල බලශක්තියක් උපයෝගීකර ගන්නවා. මේ සඳහා ඛණිජ තෙල් භාවිතා කිරීම ක්‍රමක්‍රමයෙන් අඩුකරන්න ඕනි. හරිත බල ශක්තියක් භාවිතා කරන්න ඕනි’

අපගේ අපේක්ෂාව සැමටම බල ශක්තිය සැපයීමයි. නමුත් එයින් පරිසර උෂ්ණත්වය ඉහල යාම, පරිසරයට හානිවීම දුප්පත්කම ඉහළ යාම සිදු නොවිය යුතුයි.

පරිසර දූෂනයක් නොමැති, දුප්පත් කමෙන් තොර සමාජ සාධාරණත්වයට ප්‍රමුඛතාවය ලබා දෙන බල ශක්තිය භාවිතයක් හරහා ලොව ගලා යා යුතුයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.