බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණය අසල වෙඩි තැබීමක්

britain parliament shootබ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණය අසල වෙඩි තැබීමක් සිදුවී ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් පිටත වාහන ගැටීමක විශාල හඬක් ඇසුණු බව සඳහන් කරමින් දේශපාලනඥයින් සහ මාධ්‍යවේදීන් ට්විටර් පණිවිඩ නිකුත් කර ඇත.

තුවාල ලත් පුද්ගලයින් කිහිපදෙනෙකුට ප්‍රතිකාර කරන ආකාරය මෙන්ම පිහියක් අතින් ගත් අයෙකුද දුටු බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සිය කාර්යාල තුලම රැඳෙන්නයි උපදෙස් නිකුත් කොට තිබේ.

පොලිසිය උපුටා දක්වමින් බීබීසී හි ලොරා කුන්ස්බර්ග් බවසුවේ යම් පුද්ගලයෙකුට වෙඩි වැදී ඇති බවය. වෙස්ට්මිනිස්ටර් පාලම මත වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව තමන්ට කැඳවීමක් ලැබී ඇති බව ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය සඳහන් කළේය. ලන්ඩන් නුවර ප්‍රවාහන සේවය සඳහන් කළේ පොලිසියේ ඉල්ලීම මත වෙස්ට්මිනිස්ටර් උමං දුම්රිය ස්ථානය වසා දැමු බවය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.