බාසිලෝනා ත්‍රස්තයෙක් අත්අඩංගුවට – 13ක් මරුට

basilonaස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ පිරිසක් අතරට වෑන් රියක් ධාවනය කරවීමෙන් 13 දෙනෙකුවත් මරුමුවට පත්ව තවත් 80 දෙනෙකුවත් තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති. තුවාල ලැබූවන් අතරින් දස දෙනෙකුගේ තත්වය බරපතල බව ද විශ්වාස කෙරේ. බාසිලෝනාහි ලස් රම්බ්ලස් (Las Ramblas) නම්වූ සංචාරක ප්‍රදේශයකදී වෑන් රථය අධික වේගයෙන් පදිකයන් දෙසට ධාවනය කිරීමත් සමග පිරිසක් රථයට යට වූ අතර, අනෙක් විශාල පිරිසක් ආරක්ෂාව පිණිස අසල ඇති සාප්පු මෙන්ම බොජුන්හල් වෙත දිව ගියහ. එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසින් සලකන බව ස්පාඤ්ඤ පොලිසිය පවසයි. ප්‍රහාරයට සම්බන්ධ බව සැලකෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.