බුරුම හමුදා පරිපාලනය පාප් වහන්සේ ඉදිරියේ දන නමයි

burumayaශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලබන නොවැම්බර් මාසයේ මියන්මාරයේ සංචාරයක නිරත වෙන බව නිවේදනය කරනු ලැබුණි. එම සංචාරය ප්‍රකාශයට පත් කරනු ලැබුණේ මියන්මාර් රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව මුල්කර ගත් ව්‍යාකූලත්වය තවත් දුෂ්කර අතට හැරෙමින් පවතින මොහොතකයි. මේ අවස්ථාවේදී බුරුම හමුදා පරිපාලනය පාප් වහන්සේට එරට පැමිනෙන්නනට ඉඩ දීම එක්තරා ආකාරයට ඔවුන් ජාත්‍යන්තර ජන මතයට සවන්දීමට සුදානම් බව කියා සිටීමකි.

බුරුම හමුදා පරිපාලනය පවසන්නේ තමන් බෙදුම්වාදී කැරල්ලකට මුහුණ දෙමින් සිටින බවයි. පාප් වහන්සේ රෝමයේ දී සතිපතා පවත්වනු ලබන දේශනය ඉරිදා (අගෝස්තු 27) පැවැත්වුන අතර උන්වහන්සේ එම දේශනයේ දී රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව පීඩාවට පත් කරනු ලැබීම හෙළා දකිමින් අදහස් දැක්වූහ.

“රකායින්” ප්‍රාන්තයේ රෝහින්ග්‍යා කැරලිකරුවන් සහ මියන්මාර් යුද හමුදා අතර සිකුරාදා පටන් ගැටුම් වාර්තා වෙයි. එම ගැටුම් නිසා සීයකට අධික ජීවිත විනාශයක් වාර්තා වී ඇති අතර තවත් දහස් ගණනක් ජනයා උන්හිටිතැන් අහිමිව සිටිති.

 

එම ජනතාව බිහිසුණු අත්දැකීම් ඇතුළත් කතන්දරත් රැගෙන පැමිණ සිටින බව තාවකාලික අනාථ කඳවුරක් අසල සිටි AFP පුවත් සේවයේ වාර්තාකරුවෙක් පවසයි.

“ඔවුන් අපේ ළඟටම ඇවිත් අපට වෙඩි තැබුවා. මට දැන් කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ” හැත්තෑ හැවිරිදි මොහොමඩ් සෆාර් පවසයි.
සන්නද්ධ බෞද්ධ කණ්ඩායමක් කුඹුරක දී තම පුතුන් දෙදෙනකුට වෙඩි තබා මරා දැමූ බවත් ඔහු කියා සිටියි.

“ඔවුන් පොලු මුගුරු වලින් සන්නද්ධ වෙලා ඇවිදින් අපි දේශ සීමාවෙන් මේ පැත්තට පන්නල දැම්මා” මොහොමඩ් සෆාර් වැඩි දුරටත් පවසයි.

“අනේ අපි බේරා ගන්න. අපට බංග්ලාදේශයේ ජීවත් වෙන්න ඕන. අපි මෙතැනින් ආපසු යැව්වොත් මරල දමාවි” හැට හැවිරිදි අමීර් හුසේන් ආයාචනය කළේය.  මේ අතර “රකායින්” ප්‍රාන්තයේ ජීවත් වූ හාරදහසක් පමණ මුස්ලිම් නොවන ජනයා ඔවුන්ගේ ආරක්ෂාව පිණිස ඉන් ඉවත් කර ගැනීමට මියන්මාර් යුද හමුදාව පියවර ගෙන ඇත.

burumaya

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!