මහ නැව් රැජින ලීක්

queen-elizabethඅලුතින් ම දියත් කරන ලද එක්සත් රාජධානියේ නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාවෙහි මුද්‍රා තැබීමේ දෝෂයක් හේතුවෙන් කාන්දුවක් මතුවී තිබේ.

එලිසබෙත් මහ රැජින විසින් මේ මස මුලදී පොර්ට්ස්මත් හි දී අධිකාරී ගැන්වූ මෙම නෞකාවේ අවරපෙති සහිත දණ්ඩක දෝෂයක් මතුව ඇත.

පවුම් බිලියන 3.1 ක වියදමින් තනන ලද නෞකාවේ මතුවූ දෝෂය හඳුනා ගැනුනේ එය මුහුදේ පරීක්ෂණ සඳහා යාත්‍රා කෙරුණු අවස්ථාවේදීය.

නැව අලුත්වැඩියාවකට යොමු කිරීමට නියමිත වුව ද ලබන වසර මුලදී යොදාගෙන ඇති යාත්‍රා කිරීමට එයින් බාධාවක් නොවන බව රාජකීය නාවික හමුදාවේ ප්‍රකාශකයා පැවසීය.

සන් පුවත්පත වාර්තා කළ පරිදි හටගත් දෝෂය හේතුවෙන් සෑම පැයකදීම එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාව තුළට මුහුදු ජලය ලීටර 200 දක්වා වූ ප්‍රමාණයක් ගලා එයි.

මේ ගැටලුව, රාජකීය නාවික හමුදාව “අතිශය අපහසුතාවට” පත්කරන්නක් බව බීබීසී ආරක්ෂක වාර්තාකරු ජොනතන් බීල් පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.