මියුනිච් ප්‍රහාරකයා සිය දිවි නසාගෙන

munich-ATTACKS-GERMANYමියුනික් නුවර ඔලිම්පියා සාප්පු සංකීර්ණයේ ප්‍රහාරය එල්ල කළ ප්‍රහාරකයා  දහඅට හැවිරිදි ඉරාන – ජර්මානුවකු බව හෙළි වී ඇතැයි ඒජන්සි වාර්තා දක්වයි.

ප්‍රහාරකයා එම ප්‍රහාරයෙන් පසු වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගෙන ඇතැයි විශ්වාස කරන බව මියුනික් පොලිසිය පවසයි.

ප්‍රහාරය අරමුණ කුමක්දැයි මෙතෙක් හෙළි වී නැත.  එය සනාථ කර ගැනීම සඳහා ජර්මන් පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි.

තුවක්කුකරු වසර කීපයක් පුරා මියුනික් නගරයේ ජීවත් වූවකු බවත් පොලිසිය සඳහන් කළේය. මේ වනවිට එම ප්‍රහාරයෙන් 9 දෙනෙක් මියගොස් ඇත. රෝහල්ගත කෙරුණු තවත් 9 දෙනෙකුගේ තත්වය බරපතල බව විදෙස් වාර්තා දක්වයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.