මියෙන්මාර බෞද්ධ විරෝධතාකරුවන්ට වෙඩි

miyanmarබහුතර රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් වෙසෙන රඛයින් ප්‍රාන්තයේ බෞද්ධ විරෝධතාකරුවන් වෙත එල්ල කළ විවෘත වෙඩි තැබීමකින් අවම වශයෙන් හත් දෙනෙකුවත් මරණයට පත්ව තිබේ. අරකන් රාජ්‍යයෙහි බිඳ වැටීම සනිටුහන් කෙරෙන වාර්ෂික සැමරුම් උළෙල තහනම් කිරීමට එරෙහිව රඛයින් ප්‍රාන්තයේ වෙසෙන බෞද්ධයන් හාර දහසක් පමණ ම්රවුක් උ (Mrauk U) වෙත අඟහරුවාදා (ජනවාරි 16) රැස්ව සිටියහ. ඉන් අනතුරුව හටගත් ප්‍රචණ්ඩකාරී වාතාවරණයත් සමග තවත් ගණනාවක් තුවාල ලබා ඇත.

මියන්මාරය ජන ප්‍රජාවන් ගණනාවකටම නිවහන වන අතර ඇතැම් ජන ප්‍රජාවලට අයත් කණ්ඩායම් එරට ආණ්ඩුව සමග සන්නද්ධ අරගලයක යෙදී සිටිති. ම්රවුක් උ පෞරාණික අරකන් රාජ්‍යයෙහි අගනුවර වන අතර මියන්මාර හමුදා විසින් මීට වසර 200කට ඉහතදී එම රාජ්‍යය යටත් කර ගනු ලැබීම රඛයින් ප්‍රාන්තවාසීහු වාර්ෂිකව සමරති.

ඉහත කී වාර්ෂික සැමරුම් උළෙල පැවැත්වීම සඳහා අනුමැතිය ලබා දීම මියන්මාර බලධාරීහු මෙවර ප්‍රතික්ෂේප කළහ. ඊට විරෝධය පළ කිරීම සඳහා උද්ඝෝෂකයන් රජයේ කාර්යාලයක් වට කළ අතර එහිදී පොලිසිය විසින් ඔවුන්ට විවෘත වෙඩි තැබීමක් සිදු කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.