‘රැජිනිකාන්ත්’ දේශපාලනයට – කළඹයි තරු අඹ‍ර

rajini kanthදූවිල්ලෙන් උපන් කුමාරයා රිදී තිරයෙන් දේශපාලන වේදිකාවට අවතීර්ණ වෙමින් සිටියි.ඔහු නමින් ‘රැජිනිකාන්ත්’ වෙයි. ආසියානු සිනමාවේ වැඩිම මුදලක් අය කරන සුපිරි නළුවන් අතර ඉදිරියෙන්ම සිටින්නකු වන ‘රැජිනිකාන්ත්’ සිය දේශපාලන ආගමනය ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

දකුණු ඉන්දීය සිනමාවේ වැඩි වශයෙන් රඟමින් දමිළ සිනමාලෝලීන්ගේ අසහාය විරුවකු බවට පත්ව සිටින ‘රැජිනිකාන්ත්’ගේ මී ලඟ ඉලක්කය එම්.ජී. රාමචන්ද්‍රන් සහ ජයලලිතා ජයරාම් වැනි සිනමා තරු අනුව යමින් තමිල්නාඩු දේශපාලන අඹර ජය ගැනීමයි.

තමිල්නාඩුවේ ඉදිරි ප්‍රාන්ත මැතිවරණයට පෙර තමාගේම දේශපාලන පක්ෂයක් පිහිටුවීම ඔහුගේ සැලැස්ම වී ඇත. “තමිල්නාඩුවේ පවතින ක්‍රමය වෙනස් කිරීම මට පැවරී ඇති කාර්යයක්” හැටහත් හැවිරිදි සිනමා නළුවා පවසයි.

පසුගිය වසරේ ජයලලිතා ජයරාම් මරණයට පත්වීමේ පටන් තමිල්නාඩුවේ පවතින්නේ ව්‍යාකූල දේශපාලන පරිසරයකි. “තමිල්නාඩුවේ පවතින ක්‍රමය වෙනස් කිරීම මට පැවරී ඇති කාර්යයක්” හැටහත් හැවිරිදි රැජිනිකාන්ත් පවසයි.

“තමිල්නාඩුවේ පවතින ක්‍රමය වෙනස් කිරීම මට පැවරී ඇති කාර්යයක්” හැටහත් හැවිරිදි රැජිනිකාන්ත් පවසයි.
පසුගිය ඉරිදා චෙන්නායි නගරයේ දී සිය ආධාරකරුවන්ගෙන් පිරී ඉතිරී ගිය ශාලාවක දී ඔවුන්ගේ ඔල්වරසන් නාදය මැද ප්‍රකාශයක් කළ රැජිනිකාන්ත්, ප්‍රාන්ත ව්‍යවස්ථාදායක මණ්ඩලයේ ආසන 234 සඳහාම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම සිය සැලැස්ම බව ප්‍රකාශයට පත් කළේය.

“මම අද මේ තීන්දුව ගත්තේ නැත්නම් එමගින් සිදු කරන වරද මගේ ජීවිත කාලය පුරාම මාව ලුහු බඳීවි.මම මේ තීන්දුව ගන්නේ තනතුරක් හෝ මුදල් හෝ කීර්තිය පතා නොවෙයි. සල්ලියි -කීර්තියයි මට ඕනෑ තරම් තියෙනවා” ඔහු අවධාරණයෙන් කියා සිටියේය.

රැජිනකාන්ත් ගේ දේශපාලන ආගමනය නිවේදනය කෙරෙත්ම එමගින් ඔදවත් ඔහුගේ සිනමාලෝලීන් රතිඥ්ඥා දල්වමින් සංගීතය අනුව නටමින් ගයමින්, සටන් පාඨ හඬ නගමින් ප්‍රීති වන්නට පටන් ගත් බව AFP පුවත් සේවය වාර්තා කරයි.

සිය සිනමා ජීවිතය පිළිබඳව සලකා බලමින් සිටින බවට ‘රැජිනිකාන්ත්’ යම්කිසි ඉඟි කිරීමක් සිදු කරනු ලැබීමත් සමඟ පසුගිය කාලයේ ඔහුගේ දේශපාලන ජීවිතයේ ආරම්භය පිළිබඳව අනාවැකි පළවෙමින් තිබුණි.

පසුගිය මැයි මාසයේ සිය සිනමාලෝලීන් අමතමින් අදහස් දැක්වූ ‘රැජිනිකාන්ත්’ ජරාජීර්ණ ප්‍රජාතන්ත්‍රවාදය සහ දූෂිත දේශපාලන රටාව නිවැරදි කිරීමේ කාර්යය සඳහා අවස්ථාව උදා වූ විට ” තමා එම සටනට සූදානම්” යයි කියා සිටියේය.

 

‘රැජිනිකාන්ත්’ගේ සිනමාලෝලීන්
“දෙවියන්ගේ කැමැත්ත එය වේනම් මම හෙට වුනත් දේශපාලනයට පිවිසෙනවා. මම එම පියවර ගත්තොත් එය ඉටු කරන්නේ සත්‍යවාදීව. මම දූෂිතයන් නළවන්නේ නැහැ” ඔහු සඳහන් කළේය.

2016 දෙසැම්බර් මාසයේ ජයලලිතාගේ අභාවයෙන් අනතුරුව තමිල්නාඩුව අර්බුදයේ ගිලුණි.

පාලක අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කශාගම් පක්ෂය (AIADMK ) දෙකඩ විය. රැජිනකාන්ත්ට එම අර්බුදයෙන් තමිල්නාඩුව ගොඩ ගැනීමට හැකි වේද?

1950 දෙසැම්බර් මාසයේ 12 වෙනිදා උපන් රැජිනිකාන්ත් සිනමා අඹරේ පායන්නට පෙර සැබෑ ජීවිතයේ වෘත්තියෙන් බස් කොන්දොස්තරවරයකු විය.

‘රැජිනිකාන්ත්’ යනු ඔහු කලා ලෝකයේ භාවිතා කරන ආකර්ෂණීය නම වන අතර, උපතින් ඔහු ලද නම ශිවාජි රාඕ ගයෙක්වාඩ් (Shivaji Rao Gaekwad) වෙයි.

දෛවෝපගත ලෙස 1973 දී චෙන්නායි නගරයට ලඟා වූ බැංගලෝර් නගරයේ බස් කොන්දොස්තරවරයා, ඉතා කෙටි කලකින් රිදී තිරයේ සුපිරි තාරකාව ලෙස ඔටුනු පැලඳීමට සමත් විය.

‘කාබාලි’ සිනමා උන්මාදය ඉන්දියාව පුරා පැතිර යමින් තිබුණි
දශ ලක්ෂ හැත්තෑවකට අධික තමිල්නාඩුවාසීන්ගෙන් වැඩිදෙනා ඔහුගේ සිනමාලෝලීහු වෙති. ඔහු රඟ පෑ චිත්‍රපට අතරින් වැඩිහරියක් බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙළීමට සමත් විය.

රැජිනිකාන්ත් රඟ පෑ ‘කාබාලි’ (Kabali) 2016 වසරේ තිරයට ඒමත් සමඟ සමස්ත ඉන්දියාව පුරා කෝටි ගණනක් සිනමාලෝලීහු සිනමාශාලා අවට පොදි කමින් බලා සිටියහ.

‘කාබාලි (Kabali) නැරඹීමේ කුතූහලයෙන් සිටි සිය සේවකයන් ලෙඩ නිවාඩු දැමීම වළක්වා ගැනීම් වස් ඔවුන්ට අවශ්‍ය කාලය ලබා දීමට හාම්පුතුන්ට සිදු විය.

එම චිත්‍රපටයට ගරු කිරීම සඳහා ජම්බෝ ජෙට් යානයක් යළි පින්තාරු කිරීමට සිදු වූ අතර තොරතුරු රැල්ලත් සමඟ ඉන්දියාවේ ‘ට්විටර්’ පණිවුඩ ජාලය කීපවරක් අකර්මණ්‍ය විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.