ලයිබීරියාවේ ජනපති පුටුවට පාපන්දු තරුවක්

george-weahලයිබීරියාවේ නව ජනාධිපතිවරයා ලෙස හිටපු පාපන්දු ක්‍රීඩකයකු වන ජෝර්ජ් වෙයා තේරී පත්ව ඇත. පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ඔහුට 61.5%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී තිබූ බව ලයිබීරියාවේ මැතිවරණ කොමිසම සඳහන් කර ඇත. ඔහුගේ ප්‍රතිවාදියා වූ ජෝසප් බෝකායිට ලබා ගැනිමට හැකිව ඇත්තේ 38.5%ක ජන්ද ප්‍රතිශතයක් පමණි.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමත් සමඟ වෙයාගේ ආධාරකරුවන් මොන්රෝවියා අගනුවර ප්‍රීතී උත්සව පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

2002 වසරේදී පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීමත් සමඟ දේශපාලනයට පිවිසි වෙයා 51 හැවිරිදි වියේ පසුවෙයි. මොහු ෆිෆා වසරේ පාපන්දු ක්‍රීඩකයා සහ බැලන්ඩෝ සම්මාන ද්විත්වයම දිනා ගැනීමට සමත් වූ එකම අප්‍රිකානු ක්‍රීඩකයා ලෙස සැළකේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.