‘ලින්කින් පාක්’ – අකලට පරවූ චෙස්ටර් බෙනින්ටන්

chester bennington‘ලින්කින් පාක්’ සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පී චෙස්ටර් බෙනින්ටන්ගේ හදිසි වියෝව දරා ගත නොහැකි පාඩුවක් බව face book ඔස්සේ ශෝක වන ලංකික රසික දනන් පවසති.

1996 වසරේ දී ආරම්භ කරන ලද ‘ලින්කින් පාක්’ සංගීත කණ්ඩායමේ ගීතැටි ලක්ෂ 700 අධික සංඛ්‍යාවක් ලොව පුරා අලෙවි වී ඇත.

ඔවුන් ග්‍රැමී සම්මාන (Grammy Award) දෙකක් දිනා තිබේ.

‘ලින්කින් පාක්’ සංගීත කණ්ඩායමේ මංගල ගීත ඇල්බමය වූ ‘Hybrid Theory’ සහස්‍රකය ආරම්භයේ හැදී වැඩුණු බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වූවකි. එහි පිටපත් ලක්ෂ 30 අධික සංඛ්‍යාවක් ලොව පුරා අලෙවි විය.

එමෙන්ම ‘Hybrid Theory’ඇල්බමය සහස්‍රකය ආරම්භයේ සිට මේ දක්වා වාර්තාගත මට්ටමින් අලෙවි වූ පිටපත් අතර ප්‍රමුඛ ස්ථානයේ පසු වේ. Faint, In The End, Numb and Crawling වැනි ඔවුන්ගේ ගීත, දර්ශකවල හිණිපෙත්තට ළඟා විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.