ලුම්බිනිය කුණු වැකී දුහුවිල්ලෙන් වැසී යයි

lumbiniyaබුදුන් උපන් ලුම්බිනිය, වත්මන් භූ දේශපාලන සිතියම අනුව අයත් වන්නේ නේපාලයට ය. පසුගිය දිනෙක නේපාලයේ එකිනෙකට වෙනස් ස්ථාන පහකින්, රටේ වායු දූෂණය මනින්නට නියැදි හෙවත් සාම්පල ලබාගෙන පරීක්ෂා කිරීම සිදුවිය. එවවි පෙනී ගියේ වැඩිම වායු දූෂණයක් වාර්තා වන්නේ නේපාලයේ ලුම්බිනියෙන් බව ය.
වායු දූෂණය සාමාන්‍යයෙන් මනිනුයේ කියුබික් මීටරයකට පවතින අංශු ස්කන්ධය මයික්‍රොග්‍රෑම් වලිනි. මේ අගය සාමාන්‍යයෙන් 2.5කට වඩා වැඩි නොවිය යුතු නමුත් මේ ලියන මොහොතේදී ද ලුම්බිනියේ එම අගය 173.035 ක් වශයෙන් සටහන් වෙයි.22 අසල්වැසි චිත්වාන් නගරයේ මෙය 113.32 ක් වන අතර, මේ තාක් කාලයකට වායු ද දූෂණය උපරිම නගරය වශයෙන් සැලකූ කත්මණ්ඩු අගනුවර එම අගය 109.82 කි. මේ අනුව ලුම්බිනිය, කත්මණ්ඩු නගරය ද අබිබවා රටේ ඉහළම වායු දූෂණය ඇති ස්ථානය බවට පත්ව ඇත.
 සිමෙන්ති කර්මාන්තශාලා
මේ පුදබිම අවට කාර්මික බිම් සහ කර්මාන්තශාලා අති මහත් රාශියකි. ඒ මදිවාට උතුරු-නැගෙනහිර ඉන්දියාවත්, නැගෙනහිර ඉන්දියාවත්lumbini බංග්ලාදේශයත් එකිනෙක යා කරන ඉන්දු-ගංගා තැනිතලාව පිහිටා තිබෙන්නේ ද ලුම්බිණිය ආසන්නයේ ම ය. මෙම ඉන්දු ගංගා තැනිතලාවද රටේ වායු දෂණය උපරිමයක් දක්වා ඉහළ ගොස් ඇති ස්ථානයක් වශයෙන් හඳුනාගෙන තිබේ. එයට හේතුව වශයෙන් විද්‍යාඥයන් හඳුනාගන්නේ මෙම කලාපය අවට සිදුවන දැඩි රථ වාහන ගමනාගමනයයි. ශීත කාලයේදී මෙහි වායු දූෂණය උපරිමයක් දක්වා ඉහළ යන බව ද සංඛ්‍යලේඛනවලින් පැහැදිලිව පෙනී යයි.  බුදුන් උපන් තැන සේ සැලකෙන මායාදේවී පන්සල අවට පවා භාවනානුයෝගීව වැඩ වසන භික්ෂූන් වහන්සේලාට මුව ආවරණ පළඳින්නට සිදුව තිබෙන්නේ මේ තත්වය තුළ ය.
”ඔව්.. අපේ කර්මාන්ත ශාලාව තියෙන්නෙ බුදු හාමුදුරුවො ඉපදුණු තැනට ගොඩක් ආසන්නයෙ තමයි..” යැයි පවසන්නේ අජේ අජාද් නමැත්තා ය. ඔහු ප්‍රදේශයේ පිහිටා තිබෙන ලොකුම සිමෙන්ති කර්මාන්තශාලාවේ කළමනාකරු ය. !!හැබැයි මේක ලුම්බිනියට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. සිමෙන්ති කර්මාන්තශාලා නැති තැන්වලත් මේ විදිහම තමයි” යැයි  ඔහු පවසයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.