විරසකය නිමාවේ – හිලරි සිරගත කරන බව කියූ ට්‍රම්ප් ඇයව පසසයි

Trump with Hillaryඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් දුරකතනයෙන් අමතා සිය පක්ෂය ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් ශුභාශිංසන පිරිනැමූ බව ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජය ලබා සිටින රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

“මට දැන් රාජ්‍ය ලේකම් ක්ලින්ටන්ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණා. අපේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇය අපට සුබ පැතුවා. ඉතාමත් දුෂ්කර මැතිවරණ සටනක යෙදුණු ඇයට සහ ඇයගේ පවුලේ සාමාජිකයන් වෙත මම සුබ පැතුවා. ඇය ඉතාමත් තදින් සටන් කළා.” යැයි ඔහු සිය ආධාරකරුවන් අමතමින් පැවසීය.

“හිලරි ඉතාමත් දීර්ඝ කාලයක් තිස්සේ කැප වී වැඩ කළ අයෙක්. අපේ රට වෙනුවෙන් ඇය කළ සේවය වෙනුවෙන් අප ඇයට කෘතඥ විය යුතුයි. මම ඉතාමත් විශ්වාසයෙන් ඒ බව කියා සිටිනවා. සියලු බෙදීම් පසෙකලා ඇමරිකානුවන් සියලු දෙනාම ඒකට එක්විය යුතු කාලය එළඹිලා තිබෙනවා.”

මැතිවරණ සමය
ඩොනල්ඩ් ට‍්‍රම්ප්, හිලරි ක්ලින්ටන් හට ද ලිංගික අපහාසාත්මක චෝදනා එල්ල කිරීම ද විශේෂත්වයක්. ට්‍රම්ප්, හිලරි ක්ලින්ටන්ගේ සැමියා වන හිටපු ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ටද අපචාර චෝදනා එල්ල කළේය.

තමන් ජනාධිපතිවරයා ලෙස පත් වුවහොත් විශේෂ කමිටුවක් හරහා විද්‍යුත් තැපෑල මගින් රාජ්‍ය තොරතුරු හුවමාරු කළ බවට හිලරි ක්ලින්ටන්ට එල්ලවන චෝදනා පිළිබඳ පරීක්ෂණ සිදු කොට. පසුව ඇයව සිරගත කරන බවද ඔහු පැවසුවේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!