ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහූර් නුවර දි ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයාට මරණීය දණ්ඩනය

 

 

 

 

 

PAKIS2

වෙඩි තබා මරා දැමුණු ප්‍රහාරකයින්
වෙඩි තබා මරා දැමුණු ප්‍රහාරකයින්

පකිස්ථානයේ මරණ දඬුවම යළිත් ක්‍රියාත්මක කිරිමෙන් අනතුරුව මරණ දඬුවම හිමිවු පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහූර් නුවර දි එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තලෙයිබාන් කැරලිකරුවන් විසින් ප්‍රෙෂාවර් ප්‍ර දේශයේ පාසලක සිසුන් ඇතුළු පුද්ගලයින් 148 දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධියෙන් අනතුරුව පකිස්ථාන රජය විසින් ත්‍රස්තවාදින්ට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට තීරණය කළේය.

ඒ අනුව ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වරදකරුවන්ව සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රී එල්ලා මරා දමා තිබේ.

අකීල් අහමඩ් හෙවත් ඩොක්ටර් උස්මාන් සහ අර්ෂාඩ් මෙහෙමුද් හෙවත් මෙහර්බාන්ට මෙලෙස මරණ දඬුවම හිමව තිබේ.

 

ප්‍රහාරයෙන් බේරී ශ්‍රී ලංකාවට පැමිණි ක්‍රීඩකයින්
ප්‍රහාරයෙන් බේරී ශ්‍රී ලංකාවට
පැමිණි ක්‍රීඩකයින්

මොවුන්ගෙන් අකීල් අහමඩ් ලාහූර් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මොහු ලක්ෂාර් ඊ ජහන්ගි සංවිධානය නියෝජනය කරන අතර 2006 වසරේ දි පකිස්ථාන හමුදාවේ සාමාජිකයෙකු බව වාර්තා වෙයි.

2003 වසරේ දි පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය පර්වේස් මුෂාරෆ් ඝාතනය කිරිමට සැලසුම් කළ බවට මොහුට විරුද්ධව ප්‍රථම වරට ත්‍රස්ත චෝදනා එල්ල වි තිබුණි.

ඉන් අනතුරුව 2009 වසරේ දි රාවල්පිණ්ඩි හි පිහිටි පාකිස්ථාන හමුදා මූලස්ථානයට ප්‍රහාර එල්ල කිරිම සම්බන්ධයෙන් ද මොහුට විරුද්ධව චෝදනා එල්ල වි තිබේ

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.