ශ්‍රීදේවි ගේ මරණය සැක සහිතයි

srideviබොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිලි ශ්‍රීදේවි කපූර් ගේ මරණය හදිසියේ දියේ ගිලීමකින් සිදුවූවක් බව ඩුබායි හිදී සිදුකළ වෝහාරික වාර්තාවේ සඳහන්වේ. මීට පෙර වාර්තා වී තිබුණේ ඇය හෘදයාබාධයකින් මියගිය බවය.

සෙනසුරාදා (පෙබරවාරි 24) ඇය මියගියේ ඩුබායි නගරයේ පවුලේ විවාහ මංගල්‍යයකට සහභාගි වෙමින් සිටියදීය. මරණය පිළිබඳ වෝහාරික වාර්තාව ශ්‍රීදේවිගේ පවුලේ සාමාජිකයන් සහ ඉන්දීය කොන්සල් කාර්යාලය වෙත ලබා දී ඇතිබව ගල්ෆ් ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

අදාල වාර්තාවේ ස්වභාවයට අනුව දේහය පෙරළා ඉන්දියාවට යැවීම ප්‍රමාද විය හැකි බව පුවත්පත වාර්තා කරයි. පශ්චාත් මරණ පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තාව තවමත් නිකුත්කර නොමැති අතර, විෂ විද්‍යාව පිළිබඳ පරීක්ෂණයේ ප්‍රතිඵල ද අවසාන වාර්තාව මගින් අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.