ශ්‍රී ලංකික කත කුවේටයේදී මත්පැන් පෙරා මාට්ටු

SL woman arrested for running liquor factory in Kuwaitවාර්තා කරන ආකාරයට කුවේටයේ ගෘහසේවිකාවක් වශයෙන් සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කර එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට ඇරැබ් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. මෙම ස්ථානයේ නීති විරෝධී මත්පැන් පවත්නා බවට ලැබුණු තොරතුරු අනුව මෙම වැටලීම සිදුකර ඇතැයි කුවේට් පොලීසිය පැවසු බව ඇරැබ් ටයිම්ස් පුවතේ සඳහන් වේ.

ෆාහියා ප්‍රදේශයේ ස්ථානයක සිට මේ සැකකාර ශ්‍රී ලාංකික කතා මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර ඇය විසින් නිෂ්පාදනය කලා යැයි සැකකරන මත්පැන් බැරල් 10ක්, මත්පැන් බෝතල් 400 ක්, මත්පැන් පෙරීම සඳහා යොදා ගන්නා දඟර 13ක් ඇතුළු තවත් උපකරණ තොගයක්ද කුවේට් පොලීසිය විසින් එම ස්ථානයේ තිබි සොයාගෙන ඇත. අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර ශ්‍රී ලාංකික කාන්තාව සම්බන්ධයෙන් කුවේට්හී පවතින ෂාරියා නීතිය යටතේ නඩු පවරන බව කුවේට් පොලීසිය සදහන් කරයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.