ශී‍්‍ර ලාංකිකයා ලන්ඩනය බෝම්බ බියෙන් කළඹාලයි …

londonශී‍්‍ර ලාංකික දේශපාලන රැකවරන පතන්නෙක් වන සුරේෂ් කුමාර් තුලෙයිරාජා නම් 44හැවිරිදි පුද්ගලයා ලන්ඩනයේ උමං දුමරිය පොලක් පුපුරුවා හරින බවට තර්ජනය කරමින් බිය ජනක තත්ත්වයක් ඇති කොට තිබේ. මේ සම්බන්ධයෙන් විභාග වූ නඩුවකදී විනිශ්චකාරවරයා කියා සිටියේ ඔබ ලඟ ඇත්තටම බෝම්බයක් නොතිබුන නමුත් ඔබගේ වචන සෙස්සන් බියට පත්කොට ඇති බවයි. ලන්ඩනයේ ලියෝ පූල් උසාවියේදී විභාග මේ නඩුවේදී එළිදරව් වූ තොරතුරු අනුව මේ පුද්ගලයා මානසික රෝගයකින් පෙළෙන්නෙකි. ඔහුට මාස 10ක සිරදඩුවමක් නියම වූ අතර දඩුවම නියම වූ අවස්ථාවේ ඔහු දෑත් එක්කොට විනිසුරුවරයාට ආචාර කොට බොහොම් ස්තූතියි යැයි පැවසීය. සුරේෂ් කුමාර් තුලෙයිරාජා කොටි සංවිධානයට සම්බන්ධව බුද්ධි කටයුතු වල නිරත වූ බවයි උසාවියට වාර්තා වී තිබුණේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.