සෙනහස නම් මනරම් – ඩයනා පුතුට දුන් අවසන් දුරකතන ඇමතුම

dianaතම මව, ඩයනා කුමරිය සමග තමන් සිදුකළ අන්තිම දුරකථන කතාබහ හදිසියේ නිමවූ ඉතාම කෙටි කතාබහක් වීම පිළිබඳව ඔටුන්න හිමි විලියම් කුමරු සහ හැරී කුමරු සංවේගය පළ කරති.

“අම්මත් එක්ක කතා කරපු අන්තිම වචන මගේ මතකයේ නොමැකෙන විධියට සටහන් වෙලා තියෙනව” ඔටුන්න හිමි කුමරා පවසයි.
“මමත් හැරීත් අම්මට “ගුඩ්බායි” කියන්න හරිම ඉක්මන් වුනා. “ඉක්මනින් හමුවෙමු” (see you soon) එදා එහෙම කිව්වට ඊලඟට සිද්ධ වෙන්නේ මොකක්ද කියල මම දැන ගත්තානම්,මම එහෙම නොකියන්න තිබුණා” විලියම් කුමරු සිය මවගේ තමාට ඇසුණ අවසන් වදන් සිහිපත් කරමින් කියා සිටියි.

“මගේ ඉදිරි ජීවිත කාලය පුරාම මා පෙළන කනගාටුව අම්මාත් එක්ක කරපු ඒ අන්තිම දුරකථන කතාව ඒතරම් කෙටි එකක් වීම වෙන්න පුළුවන්” හැරී කුමරු පවසයි. මේ අත්දැකීම රාජකීයන්ට පමණක් උරුම වුවක් නොවේ. අප ආදරය කරන කෙනෙක් අපෙන් නික්ම ගිය පසු ඔහු හෝ ඇය සමඟ ගෙවූ කාලය මීට වඩා මනරම් එකක් කරගන්නට තිබුනා නොවේද යන්න අප කාටත් ඇතිවිය හැකි සිතුවිල්ලකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.